YouTube හා අනිකුත් සමාජ මාධ්‍ය ජාලා Copyright හා ගීත වලට සම අයිතිය ලබාදීම සම්බන්ධයෙන් රජය විශේෂ තීරණ කිහිපයක්…

youtube copyright

වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දුගේ, පද රචකයාට, සංගීතඥයාට සමානව ගායකයාටත් ගීතයේ සම අයිතිය ලබා දීමට අදාළව පවතින නීති රෙගුලාසි සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.

අද (27) වෙළෙඳ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කතෘභාගය, ප්‍රකාශන හිමිකම් සම්බන්ධයෙන් ගීතයක ප්‍රධාන හිමිකරුවන් වන ගීතයේ පද රචකයා, සංගීතඥයා හා ගායන ශිල්පියා යන පාර්ශ්වයන්ට සමානව ලබාදීම පිළිබඳව මෙන්ම ගායන ශිල්පියාට ගීතයේ නෛතික අයිතිය සම්බන්ධයෙන් පවතින ගැටලු සාකච්ඡා කිරීම සඳහා වන හමුවක් පවත්වා ඇති බව සඳහන්.

එහිදී සංගීත වැඩසටහන්වල සැකැස්ම සකස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙස සහ එම යෝජනාවලට අදාළව ප්‍රමිතියක් සකස් කිරීමටත්, ඒවා නියාමනය කිරීමටත් හැකියාව පවතින බවයි අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

You Tube හා අනෙකුත් සමාජ මාධ්‍ය ජාල ආශ්‍රිතව කතෘහිමිකම (Copyright) සමබන්ධයෙන් වන ගැටලුවලට ද නීතිමය වශයෙන් ප්‍රතිපාදන හා නව රෙගුලාසි ඇති කිරීමට පවතින අවස්ථාවන් පිළිබඳව අදාළ සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබෙනවා. 

 මහජනතාව අපහසුතාවයට පත්වන අවස්ථාවන් අවමකිරීම සහ පනත ශක්තිමත් කිරීම සඳහා වෙළෙඳ සන්නාමයන් මෙන්ම විවධ සංගීතමය වැඩසටහන්වල දී හෝ පොදුවේ ජනතාවට බලපාන නීතීන් උල්ලංඝනය කිරීමක දී ඊට අදාලව නඩු පැවරීමට හැකි පරිදි පනත සංශෝධනය කිරීමට අවශ්‍ය කටයුතු සොයාබලන ලෙසයි අමාත්‍යවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.

එමෙන්ම සංගීත කණ්ඩායම්, අවස්ථා සංවිධානය කරන ආයතන මහජන අයිතිවාසිකම් උල්ලංඝනය කරන අවස්ථාවන ඇත්නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා ඔවුන් සමග සාකච්ඡාවක් සුදානම් කරන ලෙස ද වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු විසින් අදාළ සාකච්ඡාවේ දී උපදෙස් ලබා දී තිබෙනවා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top