යුක්රේන හමුදාවේ දිනක මෙහෙයුම්වලින් රුසියානු හමුදාවේ 500 ක් මියයයි…

ukraine and russia war

නැගෙනහිර යුක්රේනයේ බක්මුට් නගරයේ පැය 24 ක කාලයක් තුළ පැවැති ගැටුම් හමුවේ රුසියානු හමුදා භටයින් 500 කට වැඩි පිරිසක් මියගොස් හෝ තුවාල ලබා ඇතැයි යුක්රේන හමුදාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පවසනවා.

 බක්මුට් නගරය අල්ලා ගැනීමේ අරමුණින් ඩොන්බාස් කලාපය ඉලක්ක රුසියානු හමුදාව මාසයකට අධික කාලයක් පුරා ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. එහෙත් යුක්රේන හමුදාව එම කලාපය ඉලක්ක කර දරුණූ ලෙස ප්‍රති ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් යුක්රේන ප්‍රහාර හමුවේ රුසියානු හමුදාවේ 500 දෙනෙකු නිසැකවම මියගියේ ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

ඇතැම් මාධ්‍ය පැවසුවේ යුක්රේන ප්‍රහාර හමුවේ රුසියානු හමුදා සාමාජිකයින් 221 දෙනෙකු මියගොස් ඇති බවයි. තවත් 314 දෙනෙකු යුක්රේන ප්‍රහාර හමුවේ තුවාල ලබා ඇතැයි ද එම වාර්තා සඳහන් කළා. 

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top