තුර් කියේ (Turkish) භූ කම්පනයෙන් මියගිය පිරිස 7,700 ඉක්මවයි – සුන්බුන් අතර සිරවුණු පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ ජීවිතය ඉල්ලයි

turkish-earthquake-dead-increased

තුර් කියේ ගිනිකොනදිග ප්‍රදේශයට බලපෑ ප්‍රභල භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන 7,700 ඉක්මවා තිබෙනවා. ඉන් විපතට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මැග්නටියුට් ඒකක 7 යි 8 ක ප්‍රභලත්වයෙන් සිදුවූ පළමු භූ කම්පනයෙන් පසු සියයකට අධික පසු කම්පන ප්‍රමාණයක් එම කලාපය තුළ සිදුව ඇති අතර ශීත කාලගුණ තත්ත්වය හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා බාධා එල්ලවී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

vhklk

තුර්කියේ ක්‍රියාත්මක ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා 12,000 කට අධික පිරිසක් එක්ව සිටින අතර 9,000 ක පමණ හමුදා භට පිරිසක්ද එම මෙහෙයුම් සඳහා යොදවා තිබෙනවා.

සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් කිහිපදෙනෙකු තමන් ගලවා ගන්නා ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩ යොමුකර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. එලෙස සුන්බුන් අතර සිරවී සිටින එක් පුද්ගලයෙකු ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ පළ කර ඇති වීඩියෝවක්ද මේ වන විට අන්තර්ජාලයේ දැක්වෙනවා. තමන් රැදී සිටින ස්ථානයේ ලිපිනය ඇතුලු තොරතුරු දන්වමින් ඔහු ඉල්ලා ඇත්තේ සිය ජීවිතය බේරාගන්නා ලෙසයි. 

මේ අතර රටවල් 70 කින් පමණ ගලවා ගැනීමේ කණ්ඩායම්, උපකරණ සහ ආධාර විපතට පත් ප්‍රදේශවල ජනතාව වෙත දැනටමත් ලබාදී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. 

fgjyuj
Firefighters carry the body of a victim in Diyarbakir, in southeastern Turkey, Monday, Feb. 6, 2023. A powerful earthquake that struck southeast Turkey and northern Syria has killed more than 640 people with hundreds injured. The toll is expected to rise as rescuers search for dead and survivors in dozens of collapsed buildings across the region. (AP Photo/Mahmut Bozarsan)
np file 209146
TOPSHOT – Rescue workers and volunteers pull out a survivor from the rubble in Diyarbakir on February 6, 2023, after a 7.8-magnitude earthquake struck the country’s south-east. – At least 284 people died in Turkey and more than 2,300 people were injured in one of Turkey’s biggest quakes in at least a century, as search and rescue work continue in several major cities. (Photo by ILYAS AKENGIN / AFP)
WhatsApp Image 2023 02 08 at 08.19.40
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top