තුර් කියේ (Turkish) සිදුවූ පසුකම්පන සංඛ්‍යාව 120 ඉක්මවයි

turkish earthquake

තුර් කියට බලපෑ රික්ටර් මාපාංක 7.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයෙන් මිය ගිය පිරිස මේ වනවිට තවදුරටත් ඉහළ යමින් පවතී.

භූ කම්පනය ඊයේ (06) අලුයම සිදුවී තිබුණේ දකුණු දිග තුර්කියේ, සිරියානු දේශසීමාව සමීපයේ පිහිටි ගාසිඇන්ටෙප් නගරය ආසන්නයේය.

උද්ගත වූ තත්ත්වය හමුවේ තුර්කි ජනාධිපතිවරයා විසින් එරට ගිනිකොණ දිග කලාපයට අද සිට මාස තුනක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරනු ලැබීය.

භූ කම්පනයෙන් සිදුවූ මරණ 20,000 ඉක්මවනු ඇති බව පුරෝකතනය කරන ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසන්නේ ඉන් දෙරටේ මිලියන 23ක ජනතාවට බලපෑම් එල්ල වී ඇති බවය.

ඉන් තුර්කියේ සහ සිරියාවේ ගොඩනැගිලි 6,000ක් විනාශ වී තිබූ අතර දේශසීමාවේ ඇතැම් නගර මුළුමනින්ම පාහේ සුන්බුන් වී ඇතැයි දෙරටේ ආපදා කළමනාකරණ අංශ පවසයි.

එසේ හානි වූ බහුතර ගොඩනැගිලි මහල් නිවාස සංකීර්ණ වෙයි.

භූ කම්පනයෙන් පසු සුන්බුන් අතර සිරවූ පිරිස් සොයා ක්‍රියාත්මක මෙහෙයුම් දෙරටේම තවදුරටත් ක්‍රියාත්මකය.

භූකම්පනයට හසුව සුන්බුන් අතර සිරවූ මවක් බිහිකළ බිළිඳෙකු බේරාගැනීමට සහන කණ්ඩායම් සමත්වුණි.

බිළිඳා දිවි ගලවාගත්තත්, මව, පියා ඇතුළු පවුලේ සියලූමදෙනාම භූ කම්පනයෙන් මියගොස් තිබුණි.

භූ කම්පනයෙන් පසු තුර්කියේ හැටෙයි ගුවන් තොටුපොළ ධාවන පථය, දෙකඩ වී තිබුණි.

තුර්කියේ ගාසිඇන්ටෙප් හි පිහිටි රෝමානු යුගයට අයත් ඓතිහාසික මාළිගය ට භූකම්පනයෙන් පසු හානිවී තිබුණු ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

සිරියානු සිවිල් යුද්ධයෙන් බැට කෑ සරණාගතයින් මිලියන ගණනක් රැඳීසිටින උතුරුදිග සිරියාවේ ඇලැප්පෝ නගරයට ද භූ කම්පනයෙන් බරපතළ හානි සිදුව තිබේ.

සුන්බුන් අතර සිරවී ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ සිරියානු දරුවන් බේරාගත් ආකාරය ද විදෙස් මාධ්‍ය වාර්තා කර ලැබුණි.

මේ අතර අද දිනයේදීත් තුර්කියට රික්ටර් මාපාංක ඒකක 5.5ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක බලපෑම් එල්ල වුණි.

ප්‍රධාන භූ කම්පනයෙන් පසු තුර්කියේ දැනට සිදුවී ඇති පසු කම්පන සංඛ්‍යාව 120 ඉක්මවයි.

පවතින තත්ත්වය හමුවේ තුර්කියට දින හතක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top