තීරණාත්මක අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08)

තීරණාත්මක අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08)

2023 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08) පැවැත්වීමට නියමිතව තිබේ.

කාරක සභා අවස්ථා විවාදය අද දිනයෙන් අවසන් වන අතර ඡන්ද විමසීම පස්වරු 05ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

මෙවර අයවැය නොවැම්බර් මස 14 වනදා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

අයවැය දෙවන වර කියවීමේ විවාදය පසුගිය නොවැම්බර් 15 වනදා සිට 22 වනදා දක්වා පැවැත්වීමෙන් අනතුරුව දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 22 වන දින පස්වරුවේ පැවැත්වුණි.

එහිදී මන්ත්‍රීවරු 121දෙනෙකු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර මන්ත්‍රීවරුන් 84දෙනෙකු ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව වැඩි ඡන්ද 37කින් අයවැය දෙවනවර කියවිම සම්මත වුණි.

සමගි ජනබලවේගය, ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක්, විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු උත්තර සභාගය සහ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඇතුළු නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළ අතර දෙමළ ජාතික සන්ධානය ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ රැඳීසිටියේ නැහැ.

අයවැය කාරක සභා අවස්ථා විවාදය දින 13ක කාලයක් පැවැත්වීමෙන් පසු අද දිනයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.

අයවැය තෙවනවර ඡන්ද විමසීමේ දී ද ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

ජාතික නිදහස් සභාව ලෙස තම මන්ත්‍රීවරුන්ද අද දිනයේ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

Visit Our Online Shop Website- WWW.CEYLEBRITY.COM

Ceylebrity English News And Articles- Ceylebrity News

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top