අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි තරින්දි ෆර්නැන්ඩෝ කියලා කියන්නේ. රංගන ශිල්පිනියක් මෙන්ම දක්ෂ නර්ථන ශිල්පිනියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම ඇය මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන කී ටෙලිනාට්‍ය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එනවා.
ඉතින් මෙවර සුමති සම්මාන උළෙලේ හොඳම නැඟී එන නිළිය ලෙස ඇය ඇගැයීමට ලක්වූ ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් සුළඟ මහමෙරක නාට්‍යයේ ‘සුබා’ නමැති චරිතය තමයි මෙලෙස ඇගැයීම් පත්වුණේ. ඒ ගැන ඇත්තටම ගොඩක් ආඩම්බරයි කියලයි ඇය කියන්නේ.
මොකද සම්මානයක් කියල කියන්නේ කලාකරුවන්ට ගොඩක් වැදගත් දෙයක් නිසා. ඒ වගේම ඒක තමන්ගේ වටිනාකම තව තවත් වැඩි කිරීමට සහ ඉදිරියේදී ලැබෙන චරිත සාර්ථකව නිරූපණය කරන්න ලැබෙන හොඳ අභිප්‍රේරණයක් කියලත් ඇය කියනවා. හැබැයි ඇය පෞද්ගලිකව සම්මානයක් බලාපොරොත්තුවෙන් වැඩ කරන කෙනෙක් නෙමෙයිලු. කොහොම නමුත් ඇයට හොඳම නැඟී එන නිළිය ලෙස ලැබුණ මේ සම්මානය විශාල අභිප්‍රේරණයක් වුණා කියලයි ඇය කියන්නේ.