අදත් අහස වලාකුළුවලින් බරවෙයි

අදත් අහස වලාකුළුවලින් බරවෙයි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ අහස වලාකුළුවලින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වී ඇති මැන්ඩවුස් සුළි කුණාටුව ඊයේ දිනයේ රාත්‍රී 11.30 වනවිට අක්ෂාංශ 10.6N සහ දේශාංශ 82.3E ආසන්නයේ ස්ථානගතව පැවතුණු බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන්කර දෙසැම්බර් 09 වනදා රාථ්රෙඉයෙ නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර උතුරු පළාතේ නිරන්තරයෙන් වැසි ඇතිවන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ එහිදී ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවය.

එසේම සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ අතර බස්නාහිර සහ වයඹ පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය .

උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව, සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
 

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top