සේපාල යළි රිමාන්ඩ්

sepala remand

මහනුවර ශ්‍රී දළදා මාළිගයේ වැඩසිටින දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කළ සේපාල් අමරසිංහ නමැත්තා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 5 වනදා අත්අඩංගුවට ගත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (10) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

ඒ අනුව එම දෙපාර්තමේන්තු නිලධාරින් විසින් සැකකාර සේපාල් අමරසිංහ නමැත්තා අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහු ලබන 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර තිබේ.

එමෙන්ම ඔහු විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය ද එදිනට ප්‍රකාශ කරන බව මහෙස්ත්‍රාත්වරයා විසින් දැනුම් දුන් බව “Ceylebrity News” අධිකරණ වාර්තාකරු පැවසුවේය. 

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top