පවුල් ආරවුලක් නිසා සැමියා නිවසට ගිනිතබයි…(Video)

husbnd niwasak gini thabai

බිරිඳ සමග ඇති කරගත් ආරවුලක් හේතුවෙන් සැමියෙකු විසින් නිවසට ගිනිතැබීමේ සිද්ධියක් මොරටුවෙන් වාර්තා විය.

මොරටුමුල්ල පොලිස් වසමේ බොල්ගොඩසිරි මාවත, කඩලාන ප්‍රදේශයේ නිවසක මෙම සිද්ධිය ඇතිවී තිබේ.

බිරිඳ සහ දරුවන් දෙදෙනා ඥාති නිවසකට ගොස් ඇති අවස්ථාවේදී ස්වාමි පුරුෂයා විසින් එලෙස නිවසට ගිනිතබා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බිරිඳ විසින් පොලීසියට පැමිණිලි කර ඇත.

ගින්නෙන් නිවසේ දේපළ රැසක් ගිනිගෙන විනාශ වී ඇති අතර පාසල් වයසේ පසුවන දරුවන් දෙදෙනාගේ පොත්පත් රැසක් ද ගින්නට පිළිස්සී තිබේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top