“…මට වාසනාව ගෙනාවේ මගේ කොණ්ඩේ… බඳින්න තියා තනියමවත් ජීවත්වෙන්න අමාරුයි…” – සඳනි ප්‍රනාන්දු..(PHOTOS)

sandani fernando

පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි සඳනි ප්‍රනාන්දු කියලා කියන්නේ. ඒ වගේම ඇය දක්ෂ නිවේදන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඒත් එක්කම ඇය මේ දිනවල ගායන ක්ෂේත්‍රයටත් පිවිසිලා තියෙනවා. ඉතින් ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා. ඉතින් මේ දවස්වල රූපගතකිරීම් එක්ක වැඩි කාලයක් ගත කරන නිසා තරමක් කාර්යබහුලයි කියලයි සඳනි කියන්නේ.

ඒ වගේම වෙළෙඳ දැන්වීම් හරහා තමයි ඇය කලාවට යොමු වුණේ. ඇය මුලින්ම පෙනී හිටියේ බිස්කට් දැන්වීමක. ඉතින් ඊට පස්සේ ඇයට දිගටම වෙළෙඳ දැන්වීම්වලට ආරාධනා ලැබුණා කියලයි සඳනි නම් කියන්නේ. ඒ වගේම 2016 දී වගේ කරපු වෙළඳ දැන්වීමක් ප්‍රේක්ෂකයන් අතර ගොඩක් කතාබහට ලක්වුන නිසා ප්‍රේක්ෂකයෝ ඇයව සොයන්න ගත්තෙත් වෙළඳ දැන්වීම් පෙනී සිටීමත් එක්ක කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය මොන වෘත්තිය කළත් රංගනය අතාරින්නේ නැහැ කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් ඇයගේම කියලා සිංදුවක් කරන්න ඇයට කාලයක් තිස්සේ ලොකු හීනයක් තිබුන නිසා ඒ හීනය පසුගිය දවස්වල සැබෑ කරගන්න ඇයට හැකියාව ලැබුණා. ඒ ගීතයේ නම තමයි ‘ආදරේ මා නමින්’. ඉතින් පියත් රාජපක්ෂ සමගයි ඇය එම ගීතය ගායනා කරන්නේ. ඒ වගේම පියත්ගෙන් ඒ ගීතය ගයන්න ඇයට ලොකු සහයෝගයක් ලැබුණා කියලත් සඳනි කියනවා.

ඉතින් පුංචි කාලේ ඉඳලාම සංගීතයට ඇය හරිම ආසයිලු. ඒ වගේම පාසල් කාලේ ඉඳලා ඇයට යම් දුරකට ගායනා කරන්න හැකියාවක් තිබුණා කියලයි ඇය කියන්නේ. හැබැයි ඇයට ඒ ආසාව ඇති වෙලා තියෙන්නේ ඇයගේ අයියා නිසා. ඔහු තමයි තිළිණ ප්‍රනාන්දු. ඉතින් ඔහුත් සංගීත ක්ෂේත්‍රයේ වැඩ කරන කෙනෙක්. ඒ වගේම ඇයගේ කර්ල් කොණ්ඩෙට ආදරේ කරන ප්‍රේක්ෂකයෝ ගොඩක් ඉන්නවා කියලත් ඇය කියනවා.

ඉතින් ඇයට ජීවිතේ ගොඩක් තැන්වල වාසනාව ගෙනත් දීලා තියෙන්නේ ඇයගේ කොණ්ඩේ කියලයි සඳනි නම් කියන්නේ. ඒ වගේම රංගනයට පිවිසීමට ඇයගේ පෙනුමත් හේතුවක් වුණා කියලා ඇය විශ්වාස කරනවාලු. ඒ වගේම ඇය තව අවුරුදු දෙකකින් විතර තමයිලු විවාහ වෙන්න ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් මේ කාලේ බඳින්න තියා තනියමවත් ජීවත්වෙන්න අමාරු කාලයක් කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය පියත්ට කැමැති වීමේ විශේෂතම හේතුව සංගීතයට තියෙන ආදරය සහ ආසාව නිසා කියලයි ඇය කියන්නේ. ඉතින් දැන් ඇය ආදරේ කරන්නේ ගායකයාට වඩා ඒ පුද්ගලයාට කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ. (උපුටාගැනීමක්)

80247137 1452620384890987 7347370746194165760 n
241423778 2011634782322875 7183318390633235911 n
313037820 653386846156949 4730570960004723046 n
307208798 621756915986609 9156821957783450013 n
336730104 747280440140055 1714805764897918602 n
326634729 1227813348167541 8123440974091868030 n
323693994 489442666643241 8076908095741717400 n
305644878 615968126562212 7300137605012352678 n
295972541 591944658964559 7886625946486962510 n
289583207 566862064806152 5429893682434555275 n
289344631 565972348228457 1651453882767057868 n
285518337 553112202847805 8736242578696205114 n
277348474 510909747068051 3026608661110604437 n
274528805 489330342559325 5316418360044864459 n
274160065 486199436205749 8679385947285450819 n
273655789 481853626640330 7561807360433849784 n
260612208 2073971746089178 9179941610812504029 n
254098345 2060350130784673 725200018517149890 n
191127275 1935749299911424 1474437540093785707 n
192814147 1937266936426327 2390366627879420662 n
127082194 1794747654011590 5940131596308769701 n
118777102 1720532098099813 3145863445218262772 n
95245006 1594877947331896 6278089816961712128 n
95788346 1594877723998585 5660054309513986048 n
89158929 1526952470791111 7289067626007887872 n
86969835 1516829878470037 4599404744128069632 n
83296127 1492980004188358 1415894535300448256 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top