“අපිට වැඩිය මාලිමාව එක ජන්දයක් හරි ගත්තොත් මම අමුඩෙ ගහගෙන දුවනවා ” – සනත් නිශාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්…

sanath nishantha amude

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පොදු ජන පෙරමුණට වඩා එක් ජන්දයක් හෝ ජාතික ජන බලවේගය ලබා ගනී නම් තමන් “අමුඩයක් ” ඇද මහ පාරේ දුවන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කර තිබෙන්නේ You Tube නාලිකාවක් සමඟ සාකච්චාවකට එක් වෙමින්.

යම් හෙයකින් පොදු ජන පෙරමුණට වඩා ජවිපෙ එක් ජන්දයක් හෝ මෙලෙස ලබා ගනී නම් ජනාධිපති ලේකම් කාර්‍යාලයේ සිට ගාලු මුව දොර පිටිය දක්වා අමුඩයකින් සැරසී තමන් ගමන් කිරීමට සූදානම් බවයි ඔහු කියා සිටියේ.     

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top