පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට සනත්ව ගෙන ඒමේ සුදානමක් / Sanath jayasuriya

sj 780x470 1

ලෝක පුජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් මෙන්ම ප්‍රහාරාත්මක පිතිකරු සනත් ජයසුරිය මහතා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට පත් කිරීමේ සුදානමක් පවතිනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සඳහා අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ පාපන්දු සම්මේලනයට තහනමක් පැනවීමේ පසුබිමකයි.

මෙවර පැවැති පාපන්දු නිලවරණයෙන් දින කිහිපයකට පසු ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් මෙම තහනම පැනවුයේ නිලවරණයේ දී දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවූ බවට චෝදනා කරමින්.

කෙසේ වෙතත් නිලවරණයේ දී තමාට දැඩි අසාධාරණයක් වූ බවට පවසමින් හිටපු පාපන්දු සම්මේලන සභාපති ජස්වර් ඔමාර් මහතා මේ වන විට අධිකරණයේ ද නඩුවක් ගොනු කර තිබෙනවා.

මේ අතර ඊයේ (30) පැවැති කැබිනට් මණ්ඩලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට දැනුම් දී ඇත්තේ අතුරු කමිටුවක් පත් කර ඡන්දයක් පවත්වා නිලධාරී මණ්ඩලයක් පත් කරගන්නා තෙක් සනත් ජයසුරිය මහතා පාපන්දු සම්මේලනයේ සභාපති කරන බවයි.

මීට පෙර පාර්ලිමේන්තුව නියෝජන කරන ලද සනත් අද වන විට මාතර සිටි පාපන්දු කල්බ් හි සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබනවා.

ක්‍රිකට් ක්‍රීඩාවට සේම පාපන්දු ක්‍රීඩාවට ද සනත් ජයසුරිය දක්ෂයෙක් බවයි ඔහුට සමීප ආරංචි මාර්ග වාර්තා සඳහන් කරන්නේ.

ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ සනත් ජයසුරිය මහතා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට පත් කර ගැනීමෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මේ වන විට පනවා ඇති තහනම ඉවත් කරගත හැකි බවයි.

කෙසේ වෙතත් පසුගියදා කටාර් හි අවසන් වූ පාපන්දු ලෝක කුසලානය නැරඹීමට ද සනත් ජයසුරිය සහභාගී වී තිබුණා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top