සජිත් මැතිවරණ සටන අරඹමින් දුන් පොරොන්දුව

sajith premadasa

ධනවත් රටවල පළාත් පාලන ආයත සමඟ ඒකාබද්ධව මෙරට පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඉයේ (29) කුරුණෑගල පැවති සමගි ජන බලවේගයේ පළමුජන රැළිය අමතමිනි.

ඉදිරි පළාත් පාලන මැතිවරණ ඉලක්ක කරගනිමින් සමගි ජන බලවේගය සංවිධාන කරන ජනරැළි මාලාවේ පළමු වැන්න අද කුරුණෑගල නගරයේදී පැවැත්වුණි.

“නිරුත්තර රටක උත්තරය” නමින් එම ජන රැළිය පැවැත්වුණේ කුරුණෑගල සත්‍යවාදීපිටියේදී ය.

රැළිය අමතමින් අදහස් දැක්වූ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

“අපි බලාපොරොත්තු වෙනවා සභාවලට මුදල් ලබාගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. ජාත්‍යන්තරයේ ධනවත් රටවල්වල පළාත් පාලාන ආයතනත් සමග අපි මිත්‍රත්ව සංකල්පය ක්‍රියාත්මක කරනවා. ඒ වැඩේ දැනටමත් පටන් අරගෙන ති‌බෙනවා කියලා මම ඔබලාට කියන්න කැමතියි. ඒ වැඩපිළිවෙළ හරහා අපිට පුළුවන්කම ලැබෙනවා අපේ පළාත් පාලන ආයතනවලට අවශ්‍ය ආදායම, ධනය ලබාගන්න. අපි බිහිකරන පළාත් පාලන ආයතන ස්මාර්ට් කවුන්සිල බවට පත්කරනවා. පළාත් සභා බලප්‍රදේශවල නිවෙස්වල වහල උපයෝගී කරගෙන සූර්ය බලශක්තිය හරහා ඔබ සියලුදෙනාගේ නිවසේ විදුලි පාරිභෝජනයට අවශ්‍ය සැපයුම ලබාදීලා අතිරික්කතය විදුලිබල මණ්ඩලයට අලෙවි කරලා ඔබලාට විදුලිය පමණක් නෙමෙයි ආදායම් මාර්ගයක් ඇති කරනවා.”

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top