මොන වැඩේ තිබුනත් මම හැමදාම විනාඩි 40ක් ව්‍යායාම කරනවා, ඉතින් මම දැන් ඉස්සරට වඩා ගොඩක් ලස්සනයි – Sajee Mohottige (Photo)

Sajee Mohottige

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ‘හීනයකි මේ ආදරේ’ ටෙලි නාට්‍යය හරහා රංගන ශිල්පිනියක් ලෙසින් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර කළා ශිල්පිනියක් තමයි Sajee Mohottige කියලා කියන්නේ.

ඒ වගේම ඇය නිවේදිකාවක් විදිහට අපේ රටේ අතිශය ජනප්‍රිය බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඉතින් මියුසික් වීඩියෝ හරහාත් නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය රඟපාන්න ආස නිසා රංගන ක්ෂේත්‍රයට ආවට නිවේදන කටයුතු පැත්තකින් තියලා නම් නැහැ කියලයි ඇය කියන්නේ. හැබැයි ඇය මේ දවස්වල ගොඩක් ආසාවෙන් වගේම සතුටින්ම කරන දේ තමයිලු රඟපෑම කියන්නෙ.

ඒ වගේම කලින් ඉඳලම ගොඩක්දෙනා ඇයගෙන් අහපු දෙයක් තමයිලු ඇයි ඇය රංගන ක්ෂේත්‍රයට එන්නෙ නැත්තෙ කියලා. ඉතින් ඒ නිසාම ඇය නිළියක් වෙලා රඟපානකන් බලාගෙන හිටපු හැමෝගෙන්ම මේ දවස්වල ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇයට ගොඩක් සතුටුයිලු ඒ විදිහෙ ප්‍රතිචාර ලැබෙන එක ගැන. කොහොම නමුත් නිවේදන කටයුතු තමයිලු ඇයගේ අංක එක. ඉතින් මේ වෙද්දි ඇයට තවත් ටෙලි නාට්‍යයවලට ආරාධනා ලැබුනත් නිවේදන කටයුතු එක්ක සමබර කරගෙන රංගන කටයුතු කරන්න ඕන නිසා ඒ ආරාධනාවලට තාම උත්තර දුන්නෙ නැහැ කියලත් සජී කියනවා.

317743587 6158463790864530 5896818638449798836 n
315850034 649460413334689 5912199086171672942 n
325207026 854145262521419 7836408149614212118 n
331890364 1158191614767969 1742565455688645896 n
306670975 603272627953468 1904848485186014965 n
317332892 6158469707530605 2269946809684385425 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top