පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හසීම්ගේ බිරිඳ ඇප ලබාදේ…

saharan hashim wife

2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සහරාන් හෂීම් ගේ බිරිද වූ ෆාතිමා හාදියාට කල්මුණේ මහාධිකරණයෙන් ඇප ලබාදී තිබෙනවා. ඒ වසර 04 කට පසුවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව සඳහන් කළේ සහරන් හෂීම් ගේ බිරිඳට කල්මුණේ මහාධිකරණය හමුවේ පවරා තිබු නඩුවකට අදාළව දැඩි කොන්දේසි මතව ඇප ලබාදී ඇති බවයි.

2019 වර්ෂයේ අප්‍රේල් මස 25 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක සැඟව සිටි සහරාන් හෂීම් ගේ දෙමව්පියන්, සහෝදරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට යාමේදී ආරක්ෂක අංශ සමග ඇතිවූ ගැටුමකින් පසුව තුවාල ලබා සිටියදී ෆාතිමා හාදියා සහ ඇයගේ දියණිය ආරක්ෂක අංශ විසින් රෝහල් ගත කෙරුණා.

පසුව ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.

අධිකරණය එහිදී වැඩිදුරටත් නියෝග කර ඇත්තේ සැකකාර කාන්තාව රුපියල් 25000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25ක ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙසටය.

එසේම අධිකරණය විසින් ඇපකරුවන්ට සහ සහරාන් හෂීම්ගේ බිරිඳට ද විදේශගතවීම තහනම් කර ඇත.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top