නේටෝ හමුදාව යුක්රේනයට පා තැබුවොත් බ්‍රිතාන්‍ය විනාශ කරන රුසියානු සැලැස්ම | දියයට න්‍යෂ්ටික මිසයිල ප්‍රහාරයක් සිදුකොට බ්‍රිතාන්‍යය සම්පුර්ණයෙන් විනාශ කිරීමට…(Video)

Russia will use a Poseidon underwater missile to wipe Britain off the map

නේටෝ හමුදා සාමාජිකයින් යුක්රේනයට පය තැබුවහොත් ඊට පිළිතුරු ලෙස දියයට න්‍යෂ්ටික මිසයිල ප්‍රහාරයක් සිදුකොට බ්‍රිතාන්‍යය සම්පුර්ණයෙන් විනාශ කිරීමට කටයුතු කරන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලීමක් කර ඇති බව මාධ්‍ය වාර්තා කර සිටිනවා.

විශ්‍රාම රුසියානු යුද හමුදා ජනරාල්වරයෙක් වන Yevgeny Buzhinsky මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මුහුදු පත්ලේ සිදුකරනු ලබන පොසෙයිඩන් න්‍යෂ්ටික මිසයිල පිපිරවීමෙන් ඇතිවන විකිරිණ උදම් රළ අඩි 1000ක් උසකින් පැමිණ බ්‍රිතාන්‍ය සම්පුර්ණයෙන් අතුගා දැමිය හැකි බවයි විශ්‍රාමික රුසියානු යුද හමුදා ජනරාල්වරයා කියා සිටින්නේ.

ප්‍රතිපත්ති පර්යේෂණ සඳහා වූ රුසියානු මධ්‍යස්ථානයේ සභාපතිවරයා වන ලුතිනන් ජනරාල් බුෂින්ස්කි පැවසුවේ රුසියාව න්‍යෂ්ටික මිසයිල ප්‍රහාරයක් එල්ල කළ හොත් නැවත කිසිදු දවසක බ්‍රිතාන්‍යයට ගැලවීමක් නොවන බවයි.

රුසියාව සතු ප්‍රබලතම න්‍යෂ්ටික මිසලයිලක් වන ස්ර්මාට් -2 මිසයිලය යොදා ගනිමින් බ්‍රිතාන්‍යයට ප්‍රහාර එල්ල කළ හැකි බවද විශ්‍රාමික ලුතිනන් ජනරාල්වරයා තර්ජනාත්මකව අනතුරු අඟවා සිටි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ.

රුසියානු ජනාධිපතිවරයාගේ සමිපතයෙක්ම මෙන්ම ඔහුගේ “මුඛ්‍ය” බවට අනවර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ව්‍ලැඩිමීර් සොලොවීයෝව් සිනහා නගමින් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ “පොසෙයිඩ්න්” දිය යට ඩ්‍රෝනය බ්‍රිතාන්‍යට එල්ල කළහොත් එය අනිවාර්ය සුනාමියක් වනු ඇති බවයි.

යුක්රේන සටන් බිමේදී ප්‍රගතියක් ලබා ගැනීමට නොහැකි වූ තැන තමන් සතු යුදමය විකල්පයන් සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමට සිදුකරනු ලබන මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් ඔවුන් ඉහත ප්‍රකාශයන් සිදුකරනු ලැබ ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර සිදුකරනු ලබන පර්යේෂණ වලින් අනතුරුව පැයට සැතැපුම් 6,670ක් වේගයෙන් ගමන් කරන අධිධ්වනික මිසයිලයක් වන “සිර්කොන්” ඉදිරි මෙහෙයුම් සඳහා යොදා ගනු ලබන බවද රුසියානු රාජ්‍ය රූපවාහිනී නාලිකාවේ පැවති වැඩසටහනට එක්වෙමින් විශ්‍රාමික ලුතිනන් ජනරාල් Yevgeny Buzhinsky ප්‍රකාශ කළේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top