රජ පවුලේ විලියම් කුමරු, හැරී කුමරුට පහර දීමක්

royal family news

සිය බිරිඳ සම්බන්ධ ආරවුලක් අතරතුර 2019 වසරේදී බ්‍රිතාන්‍යයේ  විලියම් කුමරු සිය සහෝදරයා වන හැරි කුමරුට පහර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත මේ පිළිබඳ වාර්තා කර ඇත්තේ,  තවත් දින කිහිපයකින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත හැරි කුමරුගේ මතක සටහන් පිළිබඳ රචිත  “Spare” කෘතියේ පිටපතක් උපුටා දක්වමිනි.

එම  පුවත්පතට අනුව බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු, හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මර්කල්ට දොස් නැගීමේ දී  දෙදෙනා අතර  සංවාදයකින් පසුව මෙම ගැටුම හටගෙන තිබේ. 

එහිදී විලියම් කුමරු තමාගේ කොලරයෙන් අල්ලා ඇද , මාලය කඩා තමන් බිම හෙළූ බවට හැරී කුමරු පවසා ඇත. 

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය සිදු කරන ලද විමසීම්වලට කෙන්සිංටන් මාළිගය හෝ බකිංහැම් මාළිගය මේ වනතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top