ලොව විශාලතම සරණාගත කඳවුරේ ගින්න ගැන බංග්ලාදේශ බලධාරීන් විමර්ශන අරඹයි | Rohingya Refugee Camp Fire

rohingya refugee camp fire

බංග්ලාදේශයේ රෝහින්ග්‍යා සරණාගතයින් රැඳී සිටි කඳවුරක හටගත් ගින්නට හේතුව සොයා එරට බලධාරීන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ හටගත් මෙම ගින්න හේතුවෙන් කූඩාරම් දෙදහසක් පමණ විනාශ වී ඇති අතර ඒ හේතුවෙන් එම කඳවුරේ රැඳී සිටි 12,000 ක පමණ රොහින්ග්‍යා සරණාගතයින්ට උන්හිටිතැන් අහිමි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් එම ගින්නෙන් ජීවිත හානි සිදුව ඇතැයි මෙතෙක් වාර්තා වී නැහැ. 

කඳවුරේ පිහිටි පැල්පත්වල තිබූ ගෑස් සිලින්ඩරවලට ගිනි ඇවිලීමෙන් කඳවුර පුරා ගින්න වේගයෙන් පැතිරී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම උණ බම්බු ආධාරක ලෙස යොදා ඉදිකළ සහ උණබම්බු සෙවිලි කර තිබූ පැල්පත් ඉක්මනින් ගින්නට හසුව ඇතැයි පැවසෙනවා. ගින්නෙන් කඳවුරේ පිහිටි ඉස්ලාම් දේවස්ථාන 35 ක් සහ අධ්‍යාපන මධ්‍යස්ථාන 21 ක් පමණ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවද විදෙස් මාධඡ්‍ය වාර්තාවල සඳහන්.

ගින්න පාලනය කිරීම සඳහා පැය 03 ක පමණ කාලයක් ගතව ඇති බවයි වාර්තා වන්නේ. එම ගින්න කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. ගින්නෙන් විනාශ වූ මෙම රොහින්ග්‍යා කඳවුර සැලකෙන්නේ ලොව විශාලතම සරණාගත කඳවුර ලෙසයි.

230305122632 02 rohingya refugee camp fire
Untitled 118
1678077159 refugee camp fire 6
thumbs b c b8d638b1bdd82c4b6c07f60df8c9aec1
Refugee Camp Bangladesh 1200px 23 03 06 1000x600 2
Rohingya Camp Fire
Bangladesh
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top