ලොව ධනවත්ම නගරය මෙන්න | මිලියනපතියන් 340,000ක් එම නගරයේ…

richest town in the world

අමෙරිකාවේ නිව්යොර්ක් නගරය ලොව ධනවත්ම නගරය බවට යළිත් වරක් පත්ව තිබේ.

මිලියනපතියන් සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් ලොව ධනවත්ම නගර ලැයිස්තුව සකස් කෙරෙන අතර  2023 වර්ෂයේ දී ද එහි පළමු තැනට පත්ව ඇති නිව්යෝර්ක් නගරයේ මිලියනපතියන් සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවයි.

මිලියනපතියන් 340,000ක් එම නගරයේ වෙසෙන අතර එහි බිලියනපතියන් සංඛ්‍යාව 58ක් බව සඳහන්ව ඇත.

ලොව ධනවත්ම නගර අතර දෙවන ස්ථානය මිලියනපතියන් 290,300ක් වෙසෙන ජපානයේ ටෝකියෝ නගරයටත් තෙවන ස්ථානය මිලියනපතියන් 285,000ක් වෙසෙන අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ බේ ප්‍රදේශයටත් හිමිව තිබේ.

ලොස් ඇන්ජලීස් සහ චිකාගෝ නගර ද ඇතුළත්ව අමෙරිකාවේ නගර 04ක් ලොව ධනවත්ම නගර 10 අතරට ඇතුළත්වීම විශේෂත්වයකි.

චීනයේ බීජිං හා ෂැංහයි, ලන්ඩන්, සිංගප්පූරුව, හොංකොං සහ සිඩ්නි 2023 වසරේ ලොව ධනවත්ම නගර 10 අතරට ඇතුළත් සෙසු නගර වෙයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top