ගෞතම් අදානි ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ සිට අටවෑනි ස්ථානයට පසුබසී

gauthan adani

පසුගිය සතිය ආරම්භයේදී ලොව තෙවැනි ධනවතා ලෙස සැලකුණු ඉන්දියාවේ ගෞතම් අදානි අද (30JAN) වන විට එහි අටවෑනි ස්ථානයට පත්ව ඇතැයි ජාත්‍යන්තර ව්‍යාපාරික සඟරාවක් වන Forbes සඟරාව මගින් සකස් කරන Forbes rich list ලැයිස්තුව පවසයි. විශේෂයෙන්ම එක්සත් ජනපදයේ පිහිටි කොටස් හුවමාරු ගනුදෙනු පිළිබඳ විශේෂඥ පර්යේෂණ සමාගමක් වන Hindenburg නම් පර්යේෂණ ආයතනයක් විසින් පසුගිය බදාදා (25දා) සිදු කරන ලද අදානි සමූහයේ අක්වෙරළ මූල්‍ය වංචා සහ එම සමූහයේ ණයබරතාව පිළිබඳ අනාවරණයත් සමගින්ම සිදු වූ වෙළෙද පොළ කොටස් වටිනාකම් කඩා වැටීම මේ සදහා හේතුව වී තිබේ.

ඒ අනුව අදාති සමූහයේ මවු සමාගම වන අදානි එන්ටප්‍රයිසස් ලිමිටඩ් සමාගමේ කොටස් වටිනාකම බදාදා දිනයේදී පැවැති රුපියල් 3388.00 සිට සිකුරාදා (27) දිනය වනවිට රුපියල් 2761.00ක් දක්වා පහත වැටී තිබුණි. ඒ අනුව දින දෙකක් තුළදී එම සමාගමේ කොටස් වටිනාකම් 20%කින් පහත වැටී තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා (26දා) යෙදී තිබුණු ඉන්දීය ප්නරජ දිනය නිමිත්තෙන් එදින කොටස් වෙළෙඳ පොළ වසා දමා තිබුණි.එසේම මෙම දින දෙක ඇතුළතදී අදානි සමූහයට අයත් තවත් ලැයිස්තුගත සමාගම් හතක කොටස් වටිනාකම් පහත වැටී තිබූ අතර, මේ හේතුවෙන් අදාති සමූහයට අහිමිවී තිබූ සමස්ත වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 50කට ආසන්න බවද වාර්තා සඳහන් කර තිබුණි.

මෙහිදී සිකුරාදා දිනයේදී පමණක් අදානි එන්ටර්පයිසස් සමාගම 9%කින්ද, අදානි ට්‍රාන්ස්මීෂන් 19.47%කින්ද, අදාති ග්‍රීන් එනර්ජි 19.89%කින්ද, අදානි පවර් 5%කින් සහ අදාති පෝර්ට් සමාගම 13.8%කින්ද කොටස් වටිනාකම් පහළ බැස තිබුණි.  මෙම තත්ත්වය පසුගිය සිකුරාදා දිනය වනවිට ඉන්දියානු කොටස් වෙළෙඳ පොළ Nifty 50 දර්ශකයත් 1%කට වඩා වැඩි ප්‍රතිශතයකින් පහත වැටීමට හේතු විය. මේ අතර විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට පසුගිය සෙනසුරාදා දිනය වනවිට අදානිගේ වත්කමද එක්සත් ජනපද ඩොලර් බිලියන 20කින් පහත වැටී තිබේ. ඒ අනුව සතිය ආරම්භයේදී ඩොලර් බිලියන 117ක් ව තිබූ අදාතිගේ වත්කම සිකුරාදා දිනයේදී ඩොලර් බිලියන 88ක් බවට පත්ව තිබේ. ඒ හේතුවෙන් ඔහු මෙලෙස ලොව ධනවතුන්ගේ ලැයිස්තුවෙහි ස්ථාන පහක් පහතට වැටී ඇත.

කෙසේ වෙතත් Hindenburg ආයතනයක් සිදුකළ මෙම අනාවරණය ප්‍රතික්ෂේප කරන බව අදාති සමූහය පවසා තිබේ. එසේම එම ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදන බවත් අදාති සමූහය සඳහන් කරයි. මේ අතර ඉන්දියාවේ ප්‍රධානතම විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය අදානිට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන ලෙසද පාලක භාරතීය ජනතා පක්ෂය වෙත දැනුම් දී ඇත. ගෞතම් අදාති එරට වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ ළගම ව්‍යාපාරික මෙන්ම පෞද්ගලික හිතවතෙකුද වෙයි.

විශේෂයෙන්ම අදාති සමුහය පසුගිය වසරේදී ඉන්දියාවේ අම්බුජා සිමෙන්ති සමාගමේ සහ ACC සිමෙන්ති සමාගම තුළ තිබූ ස්විට්සර්ලන්තයේ හොල්සිම් සමාගමට අයත් කොටස් අත්පත් කර ගැනීමේදී සිදු වූ බව කියන අක්වෙරළ ගනුදෙනු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව තිබේ. අදානි සිය දේශපාලන හිතවත්කම යොදා ගනිමින් මෙම වංචා සිදුකළ බව විපක්ෂයේ චෝදනාවයි. අද වනවිට අදාති සමුහය වරාය, ගුවන් තොටුපොළ, පුනර්ජනනීය බලශක්තිය ඇතුළුව තවත් කර්මාන්ත රැසක් පුරාම සිය ආධිපත්‍ය පතුරුවා තිබේ. එහිදී ඉන්දියාවට අමතරව එම සමාගමේ මෙහෙයුම් ශ්‍රී ලංකාවද ඇතුළුව අසල්වැසි රාජ්‍යයන් රැසක් පුරාම ව්‍යාප්තව වී ඇත. ඔහුගේ ව්‍යාපාර ජාලයේ සිදු වූ කැපී පෙනෙන නැගී සිටීමත් සමගින්ම ආසන්ත කාලසීමාවේදී ඔහුගේ වත්කම් සීඝ්‍ර ලෙස වර්ධනය වූ අතර, ඒ හේතුවෙන් ඔහු ආසියාවේ විශාලතම ධනවතා මෙන්ම ලෝකයේ තෙවැනි විශාලතම ධනවතා බවට පත්වීමද සිදුවිය.

1 2
2 2
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top