යුක්‍රේන ජනපති ඝාතනය නොකරන බවට පුටින්ගෙන් පොරොන්දුවක්

russia and ukrain

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි ඝාතනය නොකරන බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තමන්ට පොරොන්දු වී ඇතැයි ඊශ්‍රායලයේ හිටපු අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් පවසනවා. රුසියානු ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවකදී ‘ඔබ ස්ලෙනෙස්කිව ඝාතනය කිරීමට සැලසුම් කර ඇත්දැයි’ තමන් රුසියානු ජනාධිපතිවරයාගෙන් විමසූ බවයි ඊශ්‍රායලයේ හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

එහිදී තමන් ස්ලෙනෙස්කිව ඝාතනය නොකරන බවත්, ඔහු ඝාතනය කිරීමේ  අවශ්‍යතාවක් තමන්ට නොමැති බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවසූ බව ද ඊශ්‍රායලයේ හිටපු අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් අනාවරණ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එහිදී රුසියානු ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාව අවසන් වූ වහාම තමන් යුක්රේන ජනාධිපතිවරයා අමතා පුටින් ඔහුව ඝාතනය නොකරන බව දැනුම් දුන් බවයි නෆ්තාලි බෙනට් ප්‍රකාශ කර ඇත්තේ. 

එහිදී පුටින් තමන්ව ඝාතනය නොකරන බව ඔබට විශ්වාස දැයි යුක්රේන ජනාධිපති ස්ලෙනෙස්කි විමසූ බව ද ඊශ්‍රායලයේ හිටපු අග්‍රාමාත්‍යවරයා අනාවරණ කරනවා.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට යුක්රේන ජනාධිපතිවරයා ඝාතනය කිරීමට අවශ්‍ය නොමැති බව සියයට සියයක් විශ්වාස යැයි තමන් එහිදී පැවසූ බවයි ඊශ්‍රායලයේ හිටපු අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කිරීමෙන් පසුව ජනාධිපති පුටින් සමග සබඳතා පැවැත්වූයේ ජාත්‍යන්තර නායකයින්ගෙන් අතලොස්සක් පමණයි. ඒ අතර ඊශ්‍රායලයේ හිටපු අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් ද වනවා.

එම නායකයින් කිහිපදෙනා අතරින් රුසියානු යුක්රේන අර්බුදය සාමකාමීව විසඳීමට මැදිහත්කරුවන් ලෙස ඉදිරිපත් වූ හා ඒ සම්බන්ධයෙන් රුසියාවට ගොස් පුටින් සමග සාකච්ඡා සිදුකළ සීමිත පිරිස අතරට ද ඊශ්‍රායලයේ හිටපු අග්‍රාමාත්‍යවරයා අයත්.

මීට පෙර අවස්ථා කිහිපයකදීම යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි ඝාතනය කිරීමට සැලසුම් දියත් කිරීම සම්බන්ධයෙන් රුසියාවට චෝදනා එල්ල වූණා. කෙසේවෙතත් යුක්රේන විදේශ කටයුතු අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා පවසා ඇත්තේ ව්ලැදිමීර් පුටින් යනු මුසා බස් දෙඩීමේ විශේෂඥයෙකු බවයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top