රජයට විරෝධය පා බංග්ලාදේශ වැසියන් දහස් ගණනක් වීථි බසියි

රජයට විරෝධය පා බංග්ලාදේශ වැසියන් දහස් ගණනක් වීථි බසියි


බංග්ලාදේශයේ ඩකා අගනුවර දැවැන්ත විරෝධතා මාලාවක් පැවැත්වෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ විරෝධතාකරුවන් දහස් ගණනක් ඩකා අගනුවරට රැස්ව සිටින බවයි.

විරෝධතාව සංවිධාන කර ඇත්තේ එරට ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයයි. පවතින ආර්ථික අර්බුදය හා ඒ ඔස්සේ ජනතාව මුහුණ පා සිටින උද්ධමනයට එරෙහිවයි ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ.

භාණ්ඩ මිල පාලනයකින් තොරව ඉහළ යාම හමුවේ සිය මූලික අවශ්‍යතා හෝ සපුරා ගැනීම ගැටළුවක් වී ඇතැයි විරෝධතානකරුවන් චෝදනා කළා. ඒ අනුව බංග්පාලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා හට ඉල්ලා අස්වන ලෙසට ද  විරෝධතාකරුවන් බලකර සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top