ඩුබායි හි Burj Al Arab හෝටලයේ වහලය මත ගුවන් යානයක් ගොඩබා පෙන්වූ දස්කම…(Photos/Video)

pilot makes first ever plane landing on burj al arab

ඩුබායි හි ප්‍රකට මහල් 56 කින් යුත් Burj Al Arab හෝටල ගොඩනැගිල්ලේ වහලය මත ගුවන් යානයක් ගොඩබෑමෙන් සුවිශේෂ සමත්කමක් පෙන්වූ පුද්ගලයෙකු ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම ධාවන පථය මීටර් 27 ක් පමණි.ගුවන් නියමුවා මෙම සාර්ථක ප්‍රයත්නයට පෙර 650 වතාවක් පුහුණුවීම් කර තිබුණි.

ඩුබායි හි  තරු 7 හෝටලයක් ලෙස ප්‍රකට Burj Al Arab හෝටලයේ වහලය මත ඉදිකරන ලද හෙලිකොප්ටර බෑවුම් පථයට
ලොව විශිෂ්ටතම ගුවන් ධාවන ශූරයෙක් වූ ලූක් සෙපෙල්ලා ගුවන් යානයක් ගොඩ බැස්සුවා පමණක් නොව නැවත ගුවන් ගත කිරීමක් ද කළේය.
ලූක් සෙපෙල්ලා පෝලන්තයේ පදිංචිකරුවෙකි.

ලෝකයේ කුඩාම වාණිජ ධාවන පථය මීටර් 400 ක් වන අතර ලූක් ඔහුගේ තනි එන්ජිමක ගුවන් යානය ගොඩ බැස්ස වූ ධාවන පථය දිග මීටර් 27 ක් පමණි. 39 හැවිරිදි ලූක් පැවසුවේ – මෙම ගොඩබෑමට පෙර ඔහු පුහුණු සැසි 650 ක් කළ බවත් තෙවැනි උත්සාහයේදී අවසන් ගොඩබෑම කිරීමට ඔහුට හැකිවූ බවයි.

ලූක් පසුව පැවසුවේ – ලොකුම අභියෝගය වූයේ මෙම ගොඩබෑම සඳහා ගුවන් ගමන් පාලන සංඥා හෝ වෙනත් පහසුකම් ලබා ගැනීමට නොහැකි වීමයි. ‘අපට මේ පහසුකම ලැබෙන්නේ ගුවන් තොටුපළේදී පමණයි. අද හෙලිපෑඩ් එක පේන්නෙම නෑ, අරයත් ගොඩක් අඩුයි. මම මගේ හැකියාව උපරිමයෙන් පාවිච්චි කරලා නියම තැනට ගොඩ බැස්සා.‘
 ඉන් පසුව ගුවන්ගත වීමද වඩාත් උද්වේගකර විය. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම යානය මෙම වික්‍රමය සඳහාම ඇමරිකානු ඉංජිනේරු මයික් පීට් විසින් විශේෂයෙන් නිර්මාණය කර තිබීමයි. මෙහි  ඉන්ධන ටැංකිය ඉදිරිපස වෙනුවට පිටුපස තබා ඇත.
දස්කම සටහන් වූ වීඩියෝව මේ සමග පළවේ.

NEW plane lands on burj al arab helipad on march 14 pic by DMO twitter 1678806849943 186e0af99a1 large
pilot performs historic stunt lands plane on dubais burj al arab helipad
red bull plane lands burj al arab dubai hero
230315120141 czepiela plane landing burj al arab helipad 1
Screenshot 756
2235eb2aab229acb0b768e61c1d8529b
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top