දකුණු චීන මුහුදේ දී ලේසර් ආලෝකයක් එල්ල කිරීම මගින් පිලිපීන යාත්‍රාවක මෙහෙයුම්වලට බාධා කළ බවට පිලීපීනය චීනයට චෝදනා කර තිබේ.
චීන නෞකාව මගින් එම ලේසර් කිරණ එල්ල කිරීම හේතුවෙන් යාත්‍රාවේ සිටි පිලීපීන වෙරළාරක්ෂක කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් තාවකාලික අන්ධ භාවයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
මෙය පිලිපීන ස්වෛරී අයිතීන් පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බව පිලිපීන වෙරළාරක්ෂක බලකාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
Share