පෙමට පිටු පෑ වැයි පී.සී පොලිසියේ යකා නටලා

pilice yakanatai

පෙමට පිටු පෑ බව කියන ඇඹිලිපිටිය පොලිසියේ කොස්තාපල් පෙම්වතිය සහ එම පොලීසියේ රාජකාරි කරන තවත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ඝාතනය කරන බවට තර්ජනය කළේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ඇඹිලිපිටිය පොලීසිය පවසයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මාලඹේ පොලිසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

මාලබේ පොලීසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු ඇඹිලිපිටිය පොලිසියේ රාජකාරි කරන කාන්තා පොලිස් කොස්තාපල්වරියක සමග කාලයක් තිස්සේ සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට  පැවසීය.

සැකකාර කොස්තාපල්වරයා සමග පැවති මෙම ප්‍රේම සම්බන්ධතාවය මීට සතියකට පමණ ඉහතදී පොලිස් කොස්තාපල්වරිය  නවතා දමා ඇතැයි පොලිසිය සදහන් කරයි.

ප්‍රේම සම්බන්ධතාවය නතර කළ නිසා කෝපයට පත්වූ බව කියන මෙම පොලිස් කොස්තාපල්වරයා ඇඹිලිපිටිය පොලිසියට දුරකථන ඇමතුමක් ලබාගෙන පොලිසියට කඩාවැදී ඔහු ප්‍රේම සම්බන්ධතාවය පවත්වාගෙන ගිය බව කියන පොලිස් කොස්තාපල්වරිය සහ පොලිසියේ තව තුන් හතර දෙනෙකු ඝාතනය කරන බවට තර්ජනය කර ඇතැයි ද එම උසස් පොලිස් නිලධාරියා කීය.

පසුව මෙම පොලිස් කොස්තාපල්වරයා ඇඹිලිපිටිය පොලිසියේ කාන්තා බට නිවසට පැමිණ එහි දොරට වැරෙන් ගසමින් කලහකාරී ලෙස හැසිරී ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top