ලොව වයස්ගතම සුනඛයා වාර්ථාව බිද වැටේ – නව වාර්තාවක් “බොබී” ගෙන්..(PHOTOS)

oldest dog

පෘතුගීසි සුනඛයෙකු ගිනස් ලෝක වාර්තා මගින් ලොව වයස්ගතම සුනඛයා ලෙස නම් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා Bobi නැමැති මෙම සුනඛයාගේ වයස අවුරුදු 30ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මීට පෙර මෙතෙක් සිටි වයස්ගතම සුනඛයා වූයේ ඕස්ට්‍රේලියාවේ බ්ලූයි 1939 දී වයස අවුරුදු 29 යි මාස පහේදී බ්ලූ නැමැති සුනඛයා මිය ගිය බවද විදෙස් මාධ්‍ය පවසනවා.

පෙබරවාරි 1 වනදා වන විට, බොබිගේ වයස අවුරුදු 30 යි දින 226 ක් වූ අතර, ඔහුගේ වයසට සරිලන පරිදි හොඳින් ක්‍රියාශීලිව සිටින බවයි පැවසෙන්නේ.

ගිනස් ලෝක වාර්තාවලට අනුව ජාතික පශු වෛද්‍ය සංගමය විසින් කළමනාකරණය කරනු ලබන පෘතුගීසි රජයේ සුරතල් දත්ත ගබඩාව මගින් ඔහුගේ වයස තහවුරු කර තිබෙනවා වයස අවුරුදු 23 දී ජීවත්ව සිටින වයස්ගතම සුනඛයා ලෙස ගිනස් ලෝක වාර්තා මගින් තවත් සුනඛයෙකු වන Spike the Chihuahua නම් කිරීමෙන් සති දෙකකට පසුව Bobiට වයස්ගතම සුනඛයා ලෙස කිරුළ හිමිවූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ .

එතැන් සිට ගිනස් වාර්තා යාවත්කාලීන කර ඇති අතර, ජීවත්ව සිටින පැරණිතම සුනඛයා ලෙස Bobiව නිවේදනය කර තිබෙනවා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top