ඉතිහාසයේ වාර්තාගත අයුරින් තෙල් මිල අඩු වෙයි…

ඉතිහාසයේ වාර්තාගත අයුරින් තෙල් මිල අඩු වෙයි

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් මේ වසරේ වාර්තාවූ අඩුම අගයකට පහත වැටී තිබෙනවා.

ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ රුසියා – යුක්‍රේන අර්බුදයයි.

ඒ අනුව බ්‍රිතාන්‍ය වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සියයට 2 යි දශම 8 කින් පහත වැටී ඇති අතර අමෙරිකානු වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සියයට 2 යි දශම 2 යි 4 කින් පහත වැටී තිබේ.

ප්‍රධාන බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ, ඩොලර් 77 ත් 78 ත් අතර මට්ටමකයි.

ඊයේ දිනයේ දැඩි පහළ යාමක් පෙන්නුම් කළ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් අද දිනයේ යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් අමෙරිකානු වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72 යි ශත 73 ක් ලෙසද, බ්‍රිතාන්‍ය වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 77 යි ශත 84 ක් ලෙසද දැක්වුණා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top