ජාතික ජනබලවේගය විසින් පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම සඳහා කොළඹ පුරහල අසලදී පොලිසියෙන් කදුළු ගෑස් සහ අධි පීඩන ජල ප්රහාරයක් එල්ල කර තිබේ.
‘විරෝධය කොළඹට’ යන මැයෙන් ජාතික ජනබලවේගය මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දැමීම යනාදි කරුණු ඇතුළු ආණ්ඩුවේ වත්මන් තීන්දු තීරණවලට එරෙහිව ය.
මෙම විරෝධතාව පැවැත්වීමට සූදානම් වෙද්දී ඊට එරෙහිව උසාවි නියෝගයක් ලබාගෙන තිබුණ පොලිසිය විරෝධතාකරුවන්ට බාදා කර මේ ආකාරයට විසුරුවාහැරීමට කටයුතු කර තිබේ.’