නීතිපතිගේ නිල මුද්‍රාව අත්සන හොරට ගැසූ රූපලාවන්‍ය ශිල්පිනිය මාට්ටු…

nithipathi horata

නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂ සහ නීතිපතිවරයාගේ නිල මුද්‍රාව ද ව්‍යාජ ලෙස සකස් කර නීතිපතිවරයාගේ අත්සනද හොරට ගැසූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රූපලාවන්‍ය ශිල්පිනියක ඇතුළු තිදෙනෙක් මහනුවර කොට්ඨාස සයිබර් අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට 26 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබූහ.

නීතිපතිවරයාගේ  අත්සන හොරට ගැසීම, නීතිපතිවරයාගේ නිල මුද්‍රාව  ව්‍යාජ ලෙස සකස් කිරීම, කූඨ ලේඛන ඉදිරිපත් කිරීම සහ එම ලේඛන භාවිත කිරීම සම්බන්ධයෙන් රූපලාවන්‍ය ශිල්පිනිය ඇතුළු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය.

රූපලාවන්‍ය ශිල්පිනිය සමඟ සැකපිට අත්අඩංගුවට ගත් එක් අයකු ව්‍යාපාරිකයකු වන අතර අනෙකා කාර්මික ශිල්පියෙකි. අවුරුදු 47  වයසැති ශිල්පිනිය රූපලාවන්‍ය ශිල්පිනිය කටුගස්තොට සෙනරත්ගම ප්‍රදේශයේ පදිංචිකාරියක  වන අතර, සැකකාර ව්‍යාපාරිකයා මහනුවර මහයියාව ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙකි. මහනුවර අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි විදුලි කාර්මික ශිල්පියා 48 හැවිරිදි  අයෙකි. සකස් කරගෙන තිබූ ව්‍යාජ ලේඛන, ව්‍යාජ රබර් මුද්‍රාව සහ නීතිපතිවරයාගේ අත්සන හොරට ගැසූ ලේඛන ද පොලිස් භාරයට ගෙන ඇතැයි කියති.  මහනුවර කොට්ඨාස සයිබර් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පිරිසක් සැකකාරිය සහ සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top