ඔක්සිජන් නිස්සාරණ ක්‍රමයක් සොයාගැනීමත් සමග සඳ මත පදිංචිය සඳහා NASA ඉදිරි පියවර තබයි…

nasa new technology

නාසා විද්‍යාඥයින් විසින් චන්ද්‍රයාගේ පසෙන් ඔක්සිජන් නිස්සාරණය කිරීමේ ක්‍රමයක් සොයාගෙන ඇති බවත්, මිනිසුන්ට සඳ මත ජීවත් වීමට සැලසුම් කිරීමේදී  මෙම සොයාගැනීම මිනිස් වර්ගයාගේ ඉදිරි සැලසුම් වලට නව ජීවයක් ලබා දී ඇති බවත් ඇමරිකානු මාධ්‍ය වාර්තා කරයි.

ටෙක්සාස් හි හූස්ටන් අභ්‍යවකාශ ඒජන්සියේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කණ්ඩායමක් චන්ද්‍රයාගේ පසෙන් ඔක්සිජන් සාර්ථක ලෙස ලබා ගැනීම සමත්වී ඇත.

මෙම ලබාගත් පස් සාම්පලය රික්තක පරිසරයක් තුළ තබා ඇති අතර, අධි බලැති ලේසර් භාවිතා කරමින්, කාබෝතර්මාල් ප්‍රතික්‍රියාවක් නිර්මාණය කිරීමට විශේෂඥයින් සමත් වී ඇත.

කාබෝතර්මාල් අඩු කිරීමේ නිදර්ශන (CRD) අත්හදා බැලීම හුස්ම ගැනීම සඳහා ඔක්සිජන් නිපදවීමට මෙන්ම ප්‍රවාහනය සඳහා ඉන්ධන ලෙස අත්‍යවශ්‍ය බව සනාථ කළ හැකි යැයි පැවසේ.

නාසා ඉංජිනේරුවරයෙකු වන ඇනස්ටේෂියා ෆෝර්ඩ් මේ සම්බන්ධව මෙසේ පැවසීය.

“CRD ප්‍රතික්‍රියාකාරකය චන්ද්‍රයා මතුපිටින් නොනැසී ඔක්සිජන් ලබා ගන්නා බව අපේ කණ්ඩායම ඔප්පු කළා. මෙය අනෙකුත් ග්‍රහලෝක මත තිරසාර මානව පදනමක් ගොඩනැගීම සඳහාද සඳ මත පදිංචිය සඳහාද විශාල පියවරක්.”

අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලාපොරොත්තු වන්නේ ආටෙමිස් මෙහෙයුමේ ඔවුන්ගේ දිගුකාලීන ඉලක්කවල කොටසක් ලෙස සඳ මත ස්ථිර මිනිස් ජනාවාසයක් ස්ථාපිත කිරීම අපේක්ෂා කරන බව සදහන් කර ඇත.

මෙහෙයුමේ කොටසක් ලෙස ගගනගාමීන්ට 2025දී ඉක්මනින් චන්ද්‍රයාගේ  පෘෂ්ඨය මතට පැමිණිය හැකි යැයි පැවසේ.

නවතම අත්හදා බැලීම්වල සාර්ථකත්වය වන්නේ ඔක්සිජන් රැස්කිරීමේ තාක්ෂණය මේවන විට මට්ටම් හයක සූදානම් තත්වයේ පවතින බවය. එනම් එය අභ්‍යවකාශයේදී අත්හදා බැලීමට සූදානම් බවය.

නාසා ආයතනයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු ආරොන් පාස් මෙසේ පැවසීය.

“චන්ද්‍ර පෘෂ්ඨය මත වසරකට එහි බර මෙන් කිහිප ගුණයක ඔක්සිජන් නිපදවීමේ හැකියාව මෙම තාක්‍ෂණයට ඇති අතර එමඟින් තිරසාර මානව පැවැත්මක්  ඇති කිරීමට එය ඉවහල්වනු ඇත.”

සඳ වටා ගමන් කිරීමේ ආටෙමිස් II මෙහෙයුමට ගගනගාමීන් හතර දෙනෙකු සහභාගී වන බව නාසා ආයතනය මේ මස මුලදී නිවේදනය කර තිබිණි.

නාසා හි දැවැන්ත අභ්‍යවකාශ දියත් කිරීමේ පද්ධතිය (SLS) රොකට්ටුවෙන් දියත් කරන ලද දින 10ක පියාසැරි පරීක්ෂණයක් සඳහා ගගනගාමීන් සිව්දෙනෙකු ඔරියන් අභ්‍යවකාශ යානයට ගොඩවනු ඇති බවට වාර්තා වේ.

වසර 50කට වැඩි කාලයකින් සඳ ආසන්නයේ පියාසර කළ පළමු ගගනගාමීන් ඔවුන් වනු ඇති බවද සදහන්ව ඇත.

එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය දැනටමත් ඔරියන්හි කාර්ය මණ්ඩල රහිත පරීක්ෂණ පියාසැරියක් සම්පූර්ණ කර ඇති අතර එය සඳ වටා පියාසර කර 2022 නොවැම්බර් මාසයේදී නැවත පෘථිවියට පැමිණෙනු දුටු බවද පැවසේ. 

201109112923 moon surface stock
1023661
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top