ලංකාව දාලා ආවට අපිට තාම ඕස්ට්‍රේලියාව හුරු නැහැ, ලංකාවේ තරම් ජයට මෙහෙ නත්තල් නැහැ- ස්වේතා මෙයිලි Perera (PHOTOS)

ghkjg

රටක් ආදරය කරන මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක Nalin Perera ආදරණීය දියණිය තමයි ස්වේතා මේලි කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඇය ගැන පහුගිය දවස් වල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් කතා බහට ලක්වුණේ ජයටම ගත්ත ඇයගේ විවාහ මංගල්‍ය නිසයි.

ඒ වගේම ස්වේතා මේ වෙද්දි ජීවත් වෙන්නෙ ඕස්ට්‍රේලියාවේ. ඒ ආදරණීය සැමියා රනිත් අංහගම ගමගේ එක්ක. ඉතින් මේ දවස් වල හස්බන්ඩ් එක්ක එයාගෙ වැඩත් එක්ක සහ ගෙදර වැඩත් කරගෙන සතුටින් ජීවත් වෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය උපතින්ම කතෝලික කෙනෙක් නිසා පුංචි කාලේ ඉඳන්ම නත්තල් කාලය එනකම් ඇය හරිම ආසාවෙන්ලු මඟ බලන් ඉන්නේ.

ඉතින් ඒ නත්තල් කාලයේ හිතට දැනෙන සතුට අදටත් එහෙම්මයි කියලත් ඇය කියනවා. ඉතින් ලෝකයේ කොහේ හිටියත් අදටත් නත්තල සතුටින් සමරනවා කියලයි ස්වේතා කියන්නේ. ඒ වගේම ඕස්ට්‍රේලියාවට තාම අලුත් නිසා වැඩිය හුරු නැහැ වගේලු ඇයට දැනෙන්නේ. ඉතින් ඇයට තාමත් දැනෙන්නෙ ඕස්ට්‍රේලියාවට වඩා ලංකාවේ නත්තල් ජයටම සමරනවා කියලාලු.

ඒ වගේම එහෙ පල්ලියකට ගියාට වඩා ලංකාවේ පල්ලියකට ගියාම වුණත් දැනෙන හැඟීම තාමත් ඇයට දැනෙනවා කියලත් ඇය කියනවා. මොකද තාම ඇය එහෙට අලුත් නිසා. ඉතින් ඒ වගේම ඇය කසාද බැඳලා ලංකාවෙන් ගියාට තවමත් දවසට 10 පාරකට වැඩ ඇය තාත්තාට කෝල් ගන්නවාලු. කොහොම නමුත් උදා වූ නත්තලට වගේම උදාවෙන 2023 වසර ලංකාවාසී සහ ලෝකවාසී හැමෝටම නීරෝගිමත් සුබ වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.

22 63a9e70a16112
22 63a9e70a6b2f2
22 63a9e70bee152
22 63a9e709abe05
ghkjg 1
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top