මැන්චෙස්ටර් දුම්වැටි 37400 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට…

manchester cigarette

නීති විරෝධී දුම්වැටි විශාල තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය දන්වා තිබේ.
ඊයේ (13) රාත්‍රී කාලයේදී පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත
වැලිසර මහබාගේ පොලිස් වසමේ මත්තුමගල ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර මෙම තොගය අත්අඩංගුවට ගන්නට හැකිවී තිබේ.

නීති විරෝධී ලෙස තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 37,400 ක් මෙහිදී හමුව ඇත.
දුම්වැටි තොගය සන්තකයේ තබාගෙන සිටි සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා මහබාගේ පොලිස් ස්ථානයට භාර දී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39 ක් වූ වේවැල්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.
 මහබාගේ පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top