මෛත‍්‍රීට ගෙවල් හයක්..? කෝටි දහයක වන්දි මුදල ගෙවීම සුළු දෙයක්…

maitripala sirisena

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අධිකරණය විසින් නියම කරන ලද රුපියල් කෝටි දහයක වන්දි මුදල ගෙවීම සුළු දෙයක් බව උතුරු මැද පළාතේ හිටපු මහ ඇමැති පේෂල ජයරත්න මහතා සඳහන් කරයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාට පොලොන්නරුවේ පමණක් නිවාස තුනක් ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ඊට අමතරව කොළඹ ගෙවල් දෙකක් ගම්පහ නිවසක් ඇති බවත් හෙතෙම පැවසීය.

මේ නිවාස ඔහුගේම නමට නැති වුවද ඔහුගේ හිතවතුන් ඥාතීන් නමින් ඇති බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේ ය.

පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධයෙන් ගොනු කරන ලද මානව හිමිකම් නඩුව නඩුවේ තීන්දුව පරිදි හිටපු ජනාධිපති විසින් කෝටි 10 ක වන්දි මුදලක් ගෙවීමට අධිකරණය නියෝග කිරීම පිළිබඳව මාධ්‍ය කළ විමසීමකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top