මහින්දට දෙන්න මාලිගාවේ සල්ලි මිටි බැන්දා කී අය අත්අඩංගුවට ගන්නැයි කියයි | මානසික රෝගියෙක්ලු | ඒ වන විටත් රු.5000 නෝට්ටු මුද්‍රණය කර නොමැත | තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (VIDEO)

mahinda hora salli

2010 ජනාධිපතිවරණය ආසන්නයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා විසින් මාලිගාවේ මුදල් ලබා දුන් බවටත් මාලිගාවේ රත්තරං සහ ඉඩම් මංකොල්ලයක් සිදුව ඇති බවට එල්ලවන චෝදනා අසත්‍ය බව දුක හඳුනන අපි සංවිධානයේ නිලන්ත රණසිංහ මහතා පවසයි.

එවන් ප‍්‍රකාශයක් සමාජ මාධ්‍යයට වීඩියෝවක් මුදාහැර ඇති නිහාල් ෆර්නැන්ඩො නැමැත්තා සිදු කළ ප්‍රකාශ පදනම් විරහිත බවත් ඔහු මානසික රෝගියෙකු බවත් ඔහු වහා අත්අඩංගුවට ගත යුතු බවත් හෙතෙම පැවසීය.

ඔහු රුපියල් 5000 නෝට්ටු මිටි බැඳ 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් බවට සඳහන් කළත් ඒ වන විටත් රු5000 නෝට්ටු මුද්‍රණය කර නොමැති බව නිලන්ත රණසිංහ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම නිහාල් ෆර්නැන්ඩො නැමැත්තා කතෝලික මූලධර්මවාදීන් පිරිසක් විසින් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට අපහාස කිරීම සඳහා යොදාගෙන ඇති බවත් ඔහු පැවසීය.

(Ceylebrity නිව්ස් ලෙස අපගේ මතය නම් 5000 කොල 2010 න් පසුව මුද්‍රනය කල ඈත. මෙම පුද්ගලයෙක් කියු පමනින් හොරකම නොවුනා වෙන්නේ නෑත. මොකද රාජපක්ශලා උපතින්ම හොරු යයි මුලු ලොවම දන්න දෙයක්)

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top