LPL සුපිරි ක්‍රිකට් සැණකෙළිය අද ඇරඹෙයි

LPL සුපිරි ක්‍රිකට් සැණකෙළිය අද ඇරඹෙයි

ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු ශ්‍රී ලංකාවේ එකම දේශීය ක්‍රිකට් තරගාවලිය වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තුන්වන අදියර අද සිට ආරම්භ වීමට නියමිතය.

මෙවර එහි නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය සහ ඩිජිටල් විකාශන අයිතිය හිමිව ඇත්තේ දෙරණ මාධ්‍ය ජාලයටය.

කලම්බු ස්ටාර්ස්, ජැෆ්නා කිංග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස්, Kandy Falcons හා Dambulla Aura යන කණ්ඩායම් 5ක් දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩකයින්ද සමගින් තරගාවලියට එක්වනු ඇති.

දින 18ක් පුරා පැවැත්වෙන තරගාවලියට තරග 24ක් ඇතුළත් වන අතර එම තරග පැවැත්වෙන්නේ සූරියවැව, පල්ලෙකැලේ සහ ඛෙත්තාරාම යන ක්‍රීඩාංගණවලයි.

LPL අවසන් මහා තරගය දෙසැම්බර් 23 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

හෙට සිට LPL තරගාවලියේ සියලු තරග අද දෙරණ යූ ටියුබ් චැනලය ඔස්සේත් ඔබට නැරඹිය හැකියි.

තරගාවලියේ සමාරම්භක තරගය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර හෙට පස්වරු 3ට ආරම්භ වන අතර දෙවන තරගය හෙට රාත්‍රී 7යි 30ට ආරම්භ වන්නේ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතරය.

ඒ අනුව පස්වරු 2 සිට අද දෙරණ 24 නාළිකාව ඔස්සේ LPL තරගාවලියට අදාළ විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top