ශවේන්ද්‍ර සිල්වාට දැඩි චෝදනාවක් – CID පරීක්ෂණ අරඹන්නැයි කරන්නාගොඩ කමිටුව කියයි..! | මැයි 9 වැනිදා හා මැයි 10 වැනිදා ප්‍රහාර වළක්වා ගැනීම සඳහා ආරක්‍ෂක භට කණ්ඩායම් කැඳවා ත්‍රිවිධ හමුදා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියා හා යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රමාණවත් දායකත්වයක් දක්වා නොමැති බව…
පසුගිය මැයි 9 වැනිදා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් ගාලුමුවදොර ගෝඨාගෝගම අරගල භූමියට කඩාවැදී සිදුකළ අමානුෂික ප්‍රහාරවලින් අනතුරුව විවිධ පුද්ගලයන් විසින් සිදුකළ අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන්ගේ නිවාස හා දේපළ ගිනි තබා විනාශ කිරීම් වළක්වා ගැනීමට නිසි පියවර නොගත් ත්‍රිවිධ හමුදා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා, පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට එරෙහිව නිසි […]