ශ්‍රී ලංකා ඉතිහාසයේ ඔබ මෙතෙක් දැක නැති ජාත්‍යන්තර ප්‍රමිතියේ සටන් ක්‍රීඩා තරගාවලියක් වන Karma Fight League එසේත් නැත්නම් (KFL) ප්‍රේක්ෂකයන් අතරට ගෙන ඒමට මේවන විට සියලු කටයුතු සුදානම්. ( UFC Srilankan Model )
ශ්‍රී ලාංකියනගේ ක්‍රීඩා විනෝදාස්වාදය වෙනුවෙන් විප්ලවීය වෙනසක් සිදු කිරීමට සූදානම් වන KFL හි පළමු සටන් රාත්‍රිය එළඹෙන අගෝස්තු 26 වන දා කොළඹ The Taprobane හිදී පැවැත්වීමට නියමිතයි.
ඒ සඳහා ඉදිරිපත් වීමට තරඟකරුවන් හා තරඟකාරියන් 14 දෙනා අතරින් කිහිප දෙනෙකුගේ විස්තර පහත පළවේ.
ටිකත්පත් ලබගත හැකි විස්තර පහල චයරුපයක ඇත.
ක්‍රීඩාවට අතිශය ඇලුම්කම් දක්වන KFL තරගාවලිය සිටින සුරූපි තරගකාරියක් වන හංසනා බාලසූරිය තවමත් 23 න් හැවිරිදි වියේ පසුවන සටන්කරියක් , පාසල් අවදියේ කරාටේ ක්‍රීඩාවට යොමු වන හංසනා දෙවතාවක් කරාටේ කළුපටි ධාරිනියක් ද වනවා. පසුකාලීනව muay thai සටන් කලාවට යොමු වන ඇය KFL තරගාවලිය ගැන අදහස් දක්වමින් පැවසුවේ ක්‍රීඩකයන් ප්‍රවර්ධනය කරමින් ජාත්‍යන්තර මට්ටමේ හැඩයක් සටන් කලාවට ලබාදීමට මෙම තරග තරගාවලිය ගනු ලබන උත්සාහය අගය කළ යුතු බවයි.
එමෙන්ම තරුණියත් වශයෙන් ඔබ එක් වතාවක් හෝ සටන් කලාව යොමුවීම තුළින් ඔබේ ආත්ම විශ්වා විශ්වාසය ගොඩ නගා ගැනීමට මෙම ක්‍රීඩාව අතිශය ඉවහල් වන බව වැඩිදුරටත් අදහස් දක්වමින් හංසනා පැවසුවා.
හඟුරන්කෙත ප්‍රදේශ්යේ සිට KFL තරගාවලියට එක්වන නිමේෂ ලසන්ති යනු වර්තමාන සටන් ක්ෂේත්‍රය තුළ සිටින ප්‍රබල වෘත්තිමය තරඟකාරියක්. 2015 දී බොක්සිං ක්‍රීඩාව ඔස්සේ සටන් කලාව ප්‍රගුණ කිරීම ආරම්භ කරන නිමේශා ලසන්ති 2019 දී muay thai සටන් කලාව ද ප්‍රගුණ කිරීමට යොමු වනවා. ඇය එම වසරේම ජාතික muay thai ශූරතාවය දිනා ගැනීමට සමත් වන්නේ තම දක්ෂතාවය මනාවට පෙන්නුම් කරමින් ඉන් නොනැවතුන ඇය 2020 සහ 2021 වසර වලදී අපරාජිතව තම ශුරතාවය රැකගැනීමට සමත්වනවා.
2019 දී තුර් කියෙ පැවති muay thai තරගාවලියට පවා එක් වෙමින් ජාත්‍යන්තර අත්දැකීම් ලබා ඇති නිමේශා ලසන්ති 2022 WBC , 2023 Fight Like A Girl තරගාවලි ද්ත්වයේම ජයග්‍රාහිකාවයි. KFL තරගාවලිය ගැන නිමේශා ලසන්ති අදහස් දක්වමින් කියා සිටියේ මෙවැනි තරගාවලි සංවිධානය කරමින් කාන්තා සටන් ශිල්පීන්ට වැඩි අවස්ථා ලබා දීම අගය කළ යුතු කාරණාවක් බවයි.
knockout artist කෙනෙකු ලෙස සිය ප්‍රෙක්ෂකයන් පිනවීමට අතිශය ප්‍රිය කරන KFL තරඟාවලියේ සිටින තාක්ෂණයෙන් අනූන ප්‍රබල සටන් කරුවෙකු ලෙස බ්‍රයන් චෝල්ටන් හඳුන්වා දිය හැකියි.
වයස 22 දී MMA සටන් කලාව පුහුනු වීම අරඹන බ්‍රයන් පසුකාලීනව තායිලන්තයට ගොස් Muay Thai සටන් කලාව පුහුනු වීම ආරම්භ කරනවා. 2022 දී තායිලන්තයේ පැවැති PRO Muay Thai සටන් තරගාවලියට එක්වන බ්‍රයන් එහිදී ජර්මන් ජාතික සිය ප්‍රතිවාදියාට අමතක නොවන සටනක් ලබාදෙමින් තායිලන්ත ප්‍රේක්ෂකයන්ගේ පවා ආකර්ෂණය දිනා ගැනීමට සමත් වනවා.
අගෝස්තු 26 ව දා පැවැත්වෙන KFL තරගාවලියේ සිය සටන නැරඹීම්ට සිය ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරමින් බ්‍රයන් පැවසුවේ එදිනට අමතක නොවන සටනක අත්දැකීමක් ඔවුන්ට ලබා දීමට තමන් බලා බලාපොරොත්තුවෙන් පසුවන බවයි.
ගම්පහ ප්‍රදේශයේ සිට KFL තරගාවලියට එක්වන වයස අවුරුදු 22 ක් වන ක්‍රිස්ටීන් ජයසත් පෙරේරා වෘත්තියෙන් බැංකු නිලධාරියෙක්. විනෝදාංශයක් ලෙස මීට වසර දෙකකට පෙර සටන් කලාව ප්‍රගුණ කිරීම් ආරම්භ කළ ජයසත් සිය මංගල තරගය KFL තරගාවලිය ඔස්සේ ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙනවා. බුවෝකෝ නම් තායිලන්ත පුරාවෘත්ත සටන් කරු ඔස්සේ යමින් සටන් කලාව ප්‍රගුණ කිරීම ආරම්භ කළ jayasath KFL තරගාවලියේ සිය ප්‍රතිවාදියා වනගයාන් ප්‍රසන්න පිළිබඳ පළකළේ මෙවන් අදහසක් ,
”ඔහු හොඳ සටන් කරුවෙක් මීට පෙර ඔහු සටන් කිහිපයකට සහභාගි වෙලා තියෙනවා, එනිසා මගේ සියට සීයක් මදිවෙයි මම මගේ දෙසීයක් මේ තරගය වෙනුවෙන් දෙන්න අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා
2016 වර්ෂයේ සිට සටන් කලාව පුහුණු වෙන කවිදු රසාංජන සිය වසර හතක සටන් අත්දැකීම් සමගින් මෙවර KFL තරගාවලියට එක් වන්නේ සිය ප්‍රතිවාදීයා ට ප්‍රබල අභියෝගයක් එක්කිරීමේ අරමුණින්.
2018 national muay thai තරගාවලිය රිදී පදක්කම් දිනා ගැනීමට සමත්වුණු කවිඳු මේ වන විට ප්‍රධාන ගණයේ සටන් 9ක් සඳහා සිය සහභාගීත්වය දක්වා තිබෙනවා. ඒ අතරින් WMO world championships තරගාවලියේ ලෝකඩ පදක්කම සහ WMC තරඟාවලියේ lightweight අංශයේ ශූරතාවය දිනා ගැනීමට ඔහු සමත්කම් දක්වා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සටන් කලාවට එක් වන් නවතම නව්‍යකරණ සටන් අත්දැකීම වන KFL තරගාවලිය ගැන අදහස් දක්වමින් කවිදු රසාංජන පැවසුවේ මෙම තරගාවලිය දේශීය සටන් කරුවන්ට ජාත්‍යන්තරය ජය ගැනීම සඳහා වූ ගමනට හොඳ අඩිතාලමක් බවයි
Related Articles-
ඩියෝඩ්‍රන්ට් ( Deodorant ) සෞඛ්‍යට අහිතකරද ? පාවිච්චි කරන අනිවාර්යයෙන්ම බලන්න.
How To Take Milky Way Photos | Complete Guide 2023
What Is The Law Of Attraction ? How To Use It 2023…
How To Get Your Brain To Focus And Concentration 10 Ways 2023
Visit Our Online Shopping Website- WWW.CEYLEBRITY.COM
Ceylebrity Sinhala News And Articles- WWW.CEYLEBRITYNEWS.LK
Knowledge World Articles- WWW.KNOWLEDGEWORLD.BLOG
Share