ජනාධිපති මන්දිරයේ තිබී හමුවූ මුදල් ගැන මහජන ආරක්ෂක ඇමති දුන් පිළිතුර

janapathi niwasin hamuwu mudal

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ප්‍රකාරව ඔහු පිළිබඳ විනය පරීක්ෂණයක් මාස 06ක් තුළ සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කළේය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඉයේ (27) පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අයත් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙම මාධ්‍ය හමුව බත්තරමුල්ලේදී අද පැවැත්වුණි.

ප්‍රශ්නය – “පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ලවන නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් අරන් තිබෙන පියවර මොකක්ද මේ අවස්ථාවේදී ?”

අමාත්‍ය ටිරාන් අලස් මහතා – “විනය පරීක්ෂණයක් කරන්න කියලා තිබෙනවා. මාස 6ක් තුළ දැනුම්දෙන්න කියලා. විනය පරීක්ෂණය කරනවා.” 

ප්‍රශ්නය – “ජුලි 9 වනදා ජනාධිපති මන්දිරයේ තිබිලා හම්බුණු කෝටියකට අධික මුදල නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු මහතා විසින් කොටුව පොලීසියට උපදෙස් දීලා තිබෙනවා ඔබතුමාට ගෙනල්ලා දෙන්න කියලා. ඒ සම්බන්ධයෙන් ඔබතුමා දැනුවත්ද ?”

අමාත්‍ය ටිරාන් අලස් මහතා – “දැන් දැනුවත් මෙහෙම කතාවක් තිබීම නිසා. එතුමා උපදෙස් දුන්නද මම දන්නේ නැහැ. එක නිලධාරියෙක් මොනවහරි දාපු සටහනක් තිබෙන්නේ. විමර්ශන CID යට භාරදීලා තිබෙනවා. CID වාර්තාව ආවහම බලාගන්න පුළුවන් ඇත්ත නැත්ත.” 

ප්‍රශ්නය –  “DIG තෙන්නකෝන් මහතාට කවුරුහරි ඒ සම්බන්ධව උපදෙස් දීලා තිබෙනවද ?”

අමාත්‍ය ටිරාන් අලස් මහතා – “නැහැ.” 

ප්‍රශ්නය – “DIG තෙන්නකෝන් මහතාව පොලිස්පති කිරීමේ සැලැස්මක් තිබෙනවද ?”

අමාත්‍ය ටිරාන් අලස් මහතා – “තාම පොලිස්පති ඉන්නවනේ.” 

ප්‍රශ්නය –  “දැන් ළඟදි ඉඳන් පුපුරන ද්‍රව්‍ය සොයාගැනීම් එහෙම වැඩියි. ඒ සම්බන්ධව මොකක්ද අදහස ?”

අමාත්‍ය ටිරාන් අලස් මහතා – “පුපුරන ද්‍රව්‍ය දාලා සොයාගන්නවා කියලා හිතනවාද? එවැනි දේවල් වෙන්නේ නැහැ. පොලිස්පති එවැනි දේවල් කරන්නේ නැහැ. පුපුරණ ද්‍රව්‍ය දවස් දෙකක් හමුවුණා. ඊයේ රෑත් හමුවුණා. අරගලය තිබුණ කාලයේ පොලීසියට වෙන වැඩක් තිබුණේ නැහැ. අරගලය විතරයි තිබුණේ. පොලීසිය දැන් අනිත් රාජකාරීවල නිරතවෙලා ඉන්නවා. පොලීසිය අරගලය මැඩපවත්වන්න ඇදලා ගත්තා. කිසිම වැඩක් වුණේ නැහැ.”

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top