චීනය නිසා IMF ණය තවත් ඈතට යන ලකුණු

imf and china

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනය ලබා දෙන බව කියන කාලය ප්‍රමාණවත් නොවන බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ චීනය එකඟතාවකට නොපැමිණීම හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීරණ මූල්‍ය පහසුකම ලබා ගැනීමට තවත් කල්ගත වනු ඇති බවයි.

චිනය සමඟ ඍජුව සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සිදු කිරීමට රජය විසින් කටයුතු කළ යුතු බවයි මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද ශ්‍රී ලංකාවට දන්වා ඇත්තේ ණය සහන සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වික ණය හිමියන් ලබාදෙන එකඟතාවයන් මත ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත මූල්‍ය පහසුකම පිළිබඳ තීරණය රඳා පවතින බවයි. ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය පහසුකම පිළිබඳව විශේෂ දැනුම්දීමක් සිදුකරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ බව දැනුම් දි තිබුණා.

ඉන්දියාව ලබා දුන් සහතිකය අනුව ශ්‍රී ලංකාවට මූල්‍ය සහතික ලබා දීම සඳහා පැරිස් සමාජය විසින් මෑතකදී කරන ලද ප්‍රකාශය සාදරයෙන් පිළිගන්නා බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා පැවසුවා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ ණය හිමියන්ගෙන් අදාළ එකඟතාවයන් ලැබුණු විගස විස්තීරණ මූල්‍ය පහසුකම පිළිබඳ කාර්යමණ්ඩල එකඟතාවය, අනුමැතිය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. ශ්‍රී ලංකා බලධාරීන් ප්‍රමාණවත් සහතික ලබාගෙන ඉතිරි අවශ්‍යතා සපුරාගත් විගස, ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යව පවතින බාහිර මූල්‍ය පහසුකම් ලබාගත හැකිවන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දී තිබුණා. 

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top