අයිස් වසංගතයට ගොදුරු වූ පාසල් සිසුවියන් කළ හෙළිදරව්ව

අයිස් වසංගතයට ගොදුරු වූ පාසල් සිසුවියන් කළ හෙළිදරව්ව

ශ්‍රී ලංකාව තුළ බරපතළ අර්බුදයක් බවට පත්ව ඇති අයිස් මත්ද්‍රව්‍යවල ප්‍රධානතම ඉලක්කය වී ඇත්තේ පාසල් ළමයින් වීම විශේෂත්වයකි.

මෙම අයිස් වසංගතය ගැන අද සිට රට හමුවේ තොරතුරු රැසක් අනාවරණ කිරීමට අද දෙරණ අප සූදානම්.

අයිස් මත්ද්‍රව්‍ය භාවිතය මේවන විට දිවයින තුළ ශීඝ්‍රෙයන් ඉහළ ගොස් ඇති බව ඒ පිළිබඳව සමීක්ෂණ සිදුකරන කණ්ඩායම් පෙන්වා දෙයි.

මෙහි කණගාටුව කරුණනම් ඒවා භාවිතයට වැඩියෙන්ම පාසල් ළමුන් පෙළෙඹෙමින් සිටීමය.

ඒ අතරිනුත් ජාවාරම්කරුවන්ගේ ප්‍රධානතම ඉලක්කය වී ඇත්තේ පාසල යන වයසේ පසුවන ගැහැණුදරුවන්ය.

එලෙස අයිස් මත්ද්‍රව්‍යය භාවිතයට හුරු වූ කොළඹ පාසල් දෙකක වයස අවුරුදු 14ක හා 16කදැරියන් දෙදෙනකු තම ශෝචනීය අත්දැකීම් අද දෙරණට අනාවරණ කළාය.

මෙම දැරියන් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගන්නා අයුරුද අනාවරණ කළ අතර ඔවුන් අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීමෙන් පසුව සිදු වූ වෙනස්කම් පිළිබඳවද කරුණු අනාවරණ කළාය.

අදාළ හෙළිදරව්ව ඉහළින්.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top