ලොව පුරා සියලු ඒඩ්ස් රෝගීන්ට සුබම සුබ ආරංචියක් | 53 හැවිරිදි ජර්මානු පුද්ගලයෙකු ඒඩ්ස් රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුවය…

hiv aids

53 හැවිරිදි ජර්මානු පුද්ගලයෙකු ඒඩ්ස් රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලැබූ බවට වාර්තා වනවා.

මෙම පුද්ගලයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා “ඩසල්ඩෝෆ් රෝගියා” ලෙසින් හඳුන්වනු ලබන පර්යේෂකයන් පැවසුවේ ඔහු ඒඩ්ස් සුව කළ පුද්ගලයෙක් ලෙස තහවුරු කළ හැකි බවයි.

ඔහුට සිදු කළ ප්‍රතිකාරවල සාර්ථකත්වය පිළිබඳ තොරතුරු ප්‍රථම වරට වර්ෂ 2019 වෛද්‍ය සම්මන්ත්‍රණයක දී ප්‍රකාශයට පත් කළද, ඒ වන විට ඔහු නිල වශයෙන් සුව වී ඇති බවට තහවුරු කිරීමට පර්යේෂකයන්ට නොහැකි වුණා.

කෙසේ වෙතත් ඊයේ (21), පර්යේෂකයන් ප්‍රකාශ කළේ, ඩසල්ඩෝෆ් රෝගියා ඔහුගේ ඒඩ්ස් ඖෂධ නවත්වා වසර හතරකට පසුවත් ඔහුගේ ශරීරයේ හඳුනාගත හැකි ඒඩ්ස් වෛරසයක් තවමත් හඳුනාගෙන නොමැති බවයි.

“එය දිගුකාලීන සමනය කිරීමක් පමණක් නොවේ, ඇත්තෙන්ම සුවයක්,” යනුවෙන් නේචර් මෙඩිසින් හි “Nature Medicine” හි නව ප්‍රකාශනයක මෙම විස්තර ඉදිරිපත් කළ වෛද්‍ය බියෝන් එරික් ඔල් ජැන්සන් (Bjorn-Erik Ole Jensen) පැවසුවා.

“මෙම දියුණුව පැහැදිලිව ම ධනාත්මක බලාපොරොත්තුවක් ඇති කරනවා, නමුත් තවත් කිරීමට බොහෝ වැඩ තිබේ,” වෛද්‍ය ජෙන්සන් වඩිදුරටත් පැවසුවා.

මෙම ඩසල්ඩෝෆ් රෝගියා ඇටමිදුලු බද්ධ කිරීමෙන් පසු සුව වූ කුඩා පිරිසකට අයත් වන අතර, සාමාන්‍යයෙන් එම ප්‍රතිකාරය සිදු කරනු ලබන්නේ වෙනත් විකල්ප නොමැති පිළිකා රෝගීන් සඳහා පමණයි.

මෙම ප්‍රතිකාර ක්‍රමය පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඵලදායී ලෙස ප්‍රතිස්ථාපනය කරන ඉහළ අවදානම් ක්‍රියාවලියක්.

මෙම ක්‍රමයේ මූලික ඉලක්කය වන්නේ පිළිකා සුව කිරීම වන නමුත් මෙම ක්‍රියා පටිපාටිය ඇතැම් එච්.අයි.වී රෝගින් සුව කිරීමට ද භාවිතා කරනවා .

එච්.අයි.වී වෛරසය මානව ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛලවලට ඇතුළු වී ඒවා විනාශ කරන අතර ප්‍රථිකාර නොමැතිවීම හේතුවෙන්, රෝගයට ගොදුරු වූවන් ප්‍රතිශක්ති ඌනතා සින්ඩ්රෝම් වලට ගොදුරු වී, කුඩා ආසාදනයකට පවා සටන් කළ නොහැකි තත්ත්වයට පත් වනවා.

මේ වන විට ගෝලීය වශයෙන් එච්.අයි.වී වෛරසය වැලඳී ඇති පුද්ගල සංඛ්‍යාව මිලියන 38.4 ක් පමණ වන අතර, තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම රෝගය සලකන්නේ ප්‍රතිකාර නොමැති රෝගයක් ලෙසටයි.

කෙසේ වෙතත් නවීන ඖෂධ මගින් වෛරසය වළක්වා ගත හැකි අතර, එන්නතක් මගින් ආසාදනය වැලැක්වීම පිළිබඳ අධ්‍යයනයන් ද සිදු වෙමින් පවතිනවා.

ලොව පලමු වරට එච්.අයි.වී වෛරසය වැලඳී සුව කළ පුද්ගලයා තිමති රේ බ්‍රවුන් වන අතර වර්ෂ 2009 පර්යේෂකයන් ඔහු හැඳින්වූයේ බර්ලින් රෝගියා ලෙසින්. කෙසේ වෙතත් මෙම සුවකිරීමේ ක්‍රියාවලියට මුල් වූ ප්‍රාථමික සෛල බද්ධ කිරීම බොහෝ අවදානම් සහිත සංකීර්ණ ක්‍රියා පටිපාටියක් වන අතර, එය HIV ආසාදිත සියලු දෙනාටම ප්‍රතිකාරයක් ලෙස භාවිතා කිරීම ද අවදානම් සහගත තත්ත්වයක්.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top