සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඔබට එච්.අයි.වී. ඒඩ්ස් ආසාදනය වී තිබේදැයි , රහසිගත හා නිර්ණාමික පරීක්ෂණයක් නොමිලයේ කර ගැනීමට www.know4sure.lk නමින් වෙබ් අඩවියක් හඳුන්වා දී තිබෙනවා.
![01 HIV AIDS 725x438 2](http://ceylebritynews.lk/wp-content/uploads/2022/10/01-HIV_AIDS-725x438-2.jpg)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය යටතේ දියත් කළ විශේෂ වැඩසටහනක් අනුව මෙය හඳුන්වා දී ඇත.
තමන්ට එච්.අයි.වී. ඒඩ්ස් රෝගය අසාදනය වී තිබේදැයි ස්වයං පරීක්ෂණයක් කර ගැනීමට පරීක්ෂණ කට්ටලයක් තමන් වෙතට නොමිලයේ ගෙන්වා ගැනීමට මෙම වෙබ් අඩවියෙන් පහසුකම් සලසාදී ඈත.. එමෙන්ම තමන් ආසාදිතයකු බවට හඳුනාගත්තේ නම් රහස්‍යභාවය ආරක්ෂා කරමින් ඒ වෙනුවෙන් වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගැනීමටත් නොමිලයේ පහසුකම් සැලසේ.
දුරකථන මාර්ගයෙන් වෛද්‍යවරයකු සමග සම්බන්ධ වී උපදෙස් ගැනීමටද වෙබ් අඩවිය උපයෝගී කර ගත හැකිය. මෙමගින් සිංහල, ඉංග්‍රීසි සහ දමිළ යන භාෂා ත්‍රිත්වයෙන්ම සේවාව සැපයෙන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය කියයි.
ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ තමන්ට එච්.අයි.වී. ඒඩ්ස් රෝගය ආසාදනය වී ඇත්දැයි සැකයක් පැවතියත් සමාජයට නිරාවරණය වේ යැයි බියක් ඇති සැමටම මෙම වෙබ් අඩවිය හරහා පරීක්ෂණයක් කර ගැනීමට හැකිවන බවයි.
![z p04 HIV 2](http://ceylebritynews.lk/wp-content/uploads/2022/10/z_p04-HIV-2.jpg)