රෑ හයර් එකේදී රහසඟ අතගාවන්න ගිය ත්‍රීරෝද රියදුරු වෙවුලා මරුට…

dushakayek maruta

රාත්‍රී කාලයේ කාන්තාවකට හයර් එකක් ලබාදෙන්නට ගිය ත්‍රීරෝද රථ රියදුරෙකු අතරමග පාළු තැනක වාහනය නවතා ඇය සමග අයුතු හැසිරීමක යෙදෙන්නට උත්සාහ කළ අවස්ථාවේ කාන්තාව ඔහු තල්ලු කිරීමෙන්පසු අසාමාන්‍ය වෙවුලීමකට ලක්ව මියගිය සිදුවීමක් කළුතර බේරුවලින් වාර්තාවේ.

35 වියැති මෙම විවාහක කාන්තාව වාද්දුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කරන්නියකි. ඇය පසුගිය 26 වැනිදා රැකියාවේ වැඩ කටයුතු නිම කොට බේරුවලට පැමිණ ඇත්තේ පස්වරු 6.30ට පමණය. එහිදී මීට පෙර ද නිතර මුදල් ගනුදෙනු කරන දන්නා හඳුනන මේ පුද්ගලයාගෙන්
රුපියල් 1000ක් ඉල්ලා ගෙන ඇති අතර, පසුව ඔහුගේ ත්‍රිරෝද රථයටම නැගී නිවෙසට යාමට ගොස් තිබේ.
නිවෙස පසුකර තවත් ඉදිරියට යන විට ඒ ගැන විමසූ විට කිසිවක් කතා නොකර සිටි මේ පුද්ගලයා තවත් ඉදිරියට ගොස් වෙන්දේසි ඉඩමක් අසලදී රථය නවතා ඇතැයි පැවසේ.
කාන්තාව ප්‍රශ්න කර ඇත්තේ ඇයි නැවැත්තුවේ..? ලෙසිනි.
එහිදී තම ලිංගය අත ගෑවීමට අවශ්‍ය බව පවසා කලිසමෙන් එය ඉවතට ගෙන ඔහුම අතගෑමට පටන් ගත් බව කාන්තාව පසුව පැවසුවාය. මේ අවස්ථාවේදී ඔහු ළගට එන්නට උත්සාහ කළබවත් ඔහුව තමා තල්ලු කර දැමූ බවත්, බිම වැටුණු ඔහු මීමැස්මොර රෝගියෙකු මෙන් වෙව්ලන්නට
වූ බවත් කාන්තාව පැවසුවාය.

බියට පත් ඇය පයින්ම නිවෙසට දිව ගොස් සැමියා සමඟ නැවත එම ස්ථානයට පැමිණ, බලද්දී රියදුරු පුද්ගලයාා එතැන ඒ වනවිටත් වැටී සිටින බව දැක තිබේ.
පසුව පොලිසියට ගොස් පැමිණිල්ලක් කරන්නට ඔවුන් කටයුතු කළ අතර මේ පුද්ගලයා වැටී සිටි තැනට පොලිසිය පැමිණ සෝදිසි කර පසුව1990 ගිලන් රථය ද ගෙන්වා ඇතත්, ඒ වන ද විටත් ඔහු මිය ගොස් ඇති බව පොලිසියට පෙනී ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ 63 හැවිරිදි විවාහක දරු දෙදෙනෙකුගේ පියෙකු බවට හඳුනා ගෙන ඇත. මේ පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (27) පැවැත්වීමට නියමිතව පැවැති අතර, බේරුවල පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ. කේ. එල්. පත්මකුමාර මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.

බේරුවල පොලිස් වසමට අයත් බේරුවල හෙට්ටිමුල්ල ගාලු පාරේ ඉඩම් කොටස් කර විකුණන විවෘත පාළු ඉඩමකට ත්‍රිරෝදය හරවා අනිසි ඉල්ලීමකදී කාන්තාව විසින් තල්ලු කර දැමීමෙන් පසුව එම ස්ථානයේදීම මියයාමේ සිද්ධිය ගැන බේරුවල පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top