කටුනායක ගුවන්තොටෙදී අතට අහුවුණු මිනීමැරුම් 09 ක් කල අපරාධකරු අල්ලා ගන්න බැරිවේ | ඔහු පලායෑමේ සිද්ධියට ඇල්ලූ OIC ඇතුළු පොලීසියේ 4 දෙනාට අධිකරණය දුන් නියෝගය | ඔහුව බෙරගෑනිමට ආ චීවරදාරීන් දෙදෙනා කවුද?

wanted criminal srilanka

ව්‍යාජ නමකින් පෙනී සිටිමින් විදේශ රටකට පළා යෑමට තැත් කළ දරුණු ඝනයේ අපරාධකරුවෙකු කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ අත් අඩංගුවෙන් මිදී  පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය .

මෙම පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග විදේශ ගත වීම සදහා මෝටර් රථ දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ (24)  දින රාත්‍රීයේ පැම්ණ ඇතැයි  පොලීසිය පවසයි .

මෙම පුද්ගලයාට එරෙහිව ඔහුගේ සැබෑ නමින් සහ ඔහු පෙනී සිටින ව්‍යාජ නමින්ද ගුවන් ගමන් තහනම් දෙකක් පනවා තිබී ඇත .

කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම පුද්ගලයා තම කවුළුව වෙත පැමිණි පසු , විදේශ ගත වීම වලක්වා , ඒ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත දැනුම් දී තිබේ.

ඉන්පසුව කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත පැමිණ මොහු අත් අඩංගුවට ගෙන සිර මැදිරියෙහි රදවා තබා තිබේ .

එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී තමන් ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් පළා ආ පුද්ගලයෙකු බවත් , ශ්‍රී ලංකාව පුරා තමන් මිනීමැරුම් 09 ක් පමණ  සිදු කර ඇති බවත් , මෑතකදී හංවැල්ල ප්‍රදේශයේ මිනීමැරුම ද ඒ අතර වන බවත් ප්‍රකාශ කර තිබේ .

ඉන් මද වේලාවකට පසුව මෙම පුද්ගලයා නිදහස් කර ගෙන යෑමට චීවරදාරීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත පැමිණ තිබේ .

පසුව කළ විමර්ශන වලදී මෙම චීවරදාරීන් ව්‍යාජ පුද්ගලයන් බවට තොරතුරු අනාවරණය වී තිබේ .

එම අවස්ථාවේ දී සිර මැදිරිය තුළ සිටි පුද්ගලයා එයින් පිටතට ගෙන තිබේ .

ඒ අතරතුර මෙම පුද්ගලයා  කටුනායක ගුවන් තොටුපළ පොලීසියෙන් පළා ගොස් තිබේ.

කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පළායාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් අතර සිටි සැරයන්වරයා රිමාන්ඩ්  බන්ධනාගාරගතකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.

එහිදී අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ අත්අඩංගුවට ගත් පොලිස් ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරුන්  දෙදෙනා ඇප මත මුදා හැරීමටය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනා මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (25) අත්අඩංගුවට ගනු ලැබීය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top