වාහන 19ක් පෞද්ගලික පරිහරණය කිරිම සහ ආහාර පානවලට රුපියල් 9 ලක්ෂ 50,000ක් රජය විසින් මාසිකව දරන වියදම ගෑන හිටපු ජනපති ගොටාභයගෙන් පැහැදිලි කිරීමක්

gotabayagen pehedilikirimak

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වාහන 19ක් පෞද්ගලික පරිහරණයට යොදා ගෙන ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ඔහුගේ පෞද්ලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරන සමයේ හෝ කිසිදු වාහනයක් අනිසි ලෙස භාවිත නොකල බවයි. හිටපු ජනාධිපතිවරයා සඳහා වෙන් කල නිල රථය ජාතික උත්සව අවස්ථාවකදී හැර වෙනත් කිසිදු අවස්ථාවක භාවිත කර නැහැ. 

හිටපු සෑම ජනාධිපතිවරයෙකුගේම  ආරක්ෂාව සඳහා ප්‍රතිපාදන සහ ආරක්ෂක අනුඛණ්ඩ වෙනුවෙන් වාහන වෙන් කිරීම සිදු කෙරෙනවා. ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති ආරක්ෂක අනුඛණ්ඩයටද අවශ්‍යතාවට සරිලන පරිදි වාහන වෙන්කර ඇති බවයි පෞද්ගලික ලේකම් සුධීෂ්වර බණ්ඩාර පැවසුවේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේවනවිටත් භාවිත කරනු ලබන්නේ ඔහුගේ පෞද්ගලික මෝටර් රථය පමණයි.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ ආහාර පානවලට රුපියල් නව ලක්ෂ 50,000ක් රජය විසින් දරන බවට පලවන වාර්තාද අසත්‍ය බවයි පෞද්ගලික ලේකම් සුධීෂ්වර බණ්ඩාර වැඩිදුරටත් පැවසුවේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top