2022 උකස් කළ කෝටි 19,300 රන්බඩු වැඩිහරියක් බේරාගන්න බැරිව සින්න වෙලා…

gold ukas

බැංකුවලට සහ උකස් මධ්‍යස්ථානවලට පසුගිය කාලයේදී උකස් කෙරුණු ස්වර්ණාභරණවලින් සියයට හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් සින්න වී ඇතැයි උකස් ආයතන ආරංචි මාර්ගවලින් පැවසේ. උකස් කෙරුණු ස්වර්ණාභරණ බොහොමයක් මෙසේ සින්න වී ඇත්තේ බොහෝ දෙනකුගේ අත මුදල් නොමැතිවීම යනාදී හේතු නිසා බව පවසන එම ආරංචි මාර්ග ස්වර්ණාභරණ සින්නවීම් වැඩිවන ප්‍රවණතාවක් මතුව ඇතැයි ද සඳහන් කරයි.

මේ අතර රට පුරා ලක්ෂ 40 ක පමණ පිරිසක් වසරේ මුල් මාස දහයක කාලයේ දී රුපියල් කෝටි 19,300කට අධික වටිනාකමින් යුත් කනකර ආභරණ ප්‍රමාණයක් බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලට උකස් කර ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය. ස්වර්ණාභරණ උකස් කරන ලද මෙම පිරිසෙන් වැඩි දෙනෙක් මධ්‍යම පාන්තික පවුල්වල අය වෙති. කෘෂිකර්මාන්තයට අවශ්‍ය උපකරණ ලබාගැනීම, අධ්‍යාපනික අවශ්‍යතා සහ එදිනෙදා පරිභෝජන අවශ්‍යතා වෙනුවෙන් ස්වර්ණාභරණ මෙසේ උකස් කර ඇති බව එම අධ්‍යයනයේ දී කරුණු අනාවරණය වී ඇත.

සුජිත් හේවාජුලිගේ

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top