අපි ඇමරිකාවේ ඩේ කෙයාර් එකක් කරනවා – ‘ඉගිළෙන මාළුවෝ’ මනස උසස් අය නිර්මාණයක් ලෙස දැක්කා – ගයේෂා…

gayesha perera

මේ දිනවල තිරගත වන ඉගිළෙන මාළුවෝ චිත්‍රපටයේ රංගනයෙන් දායක වන ගයේෂා පෙරේරා දැන් සිටින්නේ ඇමරිකාවේ පදිංචියට ගොසිණි. ඇය දිගු කලකට පෙර රගපෑ එම චිත්‍රපටය කලක් තිස්සේ ප්‍රදර්ශනය පමාවී තිබුනා සේම එහි ලිංගික ජවනිකා සම්බන්ධයෙන් සමාජය තුළ ආන්දෝලනයක්ද මතුව තිබුණි. ගයේෂා එතෙර සිට ඒ ගැන මෙසේ පුවත්පතකට අදහස් දක්වා තිබේ.

‘ඉගිළෙන මාළුවෝ චිත්‍රපටය අවුරුදු ගාණනකට පස්සේ හරි තිරගත වීම ලොකු ජයග්‍රණයක්. අපි අවසානයේ හරි දේ ජනගත කරන්න දැරූ උත්සාහය සාර්ථකයි. ප්‍රතිචාර නම් එමටයි. දවස පුරාම චිත්‍රපටය බලපු අයගෙන් මුහුණුපොත හරහා පැසසුම් ලැබෙනවා.
තිරගත වෙද්දි ලංකාවේත් නැහැ, ඇත්තටම දරාගැනීම අපහසු වුණා. මොකද ඒ වෙලාවේ මම ඉන්නම අවශ්‍ය මොහොතක්. නමුත් චිත්‍රපටය පුරාම මාව මතකයේ රැඳෙන්න පුළුවන් හදවත්වලට මම කතා කර හමාරයි.
චිත්‍රපටය එන්න කලින් එල්ලවුණු චෝදනා එන්නේ මනස අවුල් වුණු මානසිකත්වයෙන්. මනස උසස් දියුණු රටක ජීවත් වෙන මට ගොඩක් ඒක දැන් තේරෙනවා. දැන් ඉන්න තරුණ පරපුරේ මනස උසස් මට්ටමක තියෙනවා. ඒ ගැන සතුටුයි. නිර්මාණයක් යනු නිර්මාණයක් ම පමණක් බව මා හඟවා අවසන්.

 පුතාට වයස දැන් 5යි. පුතාගේ වැඩ කටයුතු අපි දෙන්නම කරනවා. මම මගේ ව්‍යාපාර කටයුතු කරගෙන, ගෙදර වැඩ, බබාගේ වැඩ කරගෙන, මහත්තයාගේ වැඩවලටත් උදවු කරගෙන සුන්දරව දවස ගෙවනවා.
දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් තමයි අපි පටන් ගත්තේ. ඇමරිකාව වැනි රටක අපේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම අපි ලැබූ විශාල ජයග්‍රහණයක්.
ආදරණීය සැමියා හසන්ජිත් කියන්නේ පුදුම සංවේදී කෙනෙක්. පුළුවන් හැම අවස්ථාවකදීම එයා මිනිස්සුන්ට උදවු උපකාර කරන්න උනන්දුවක් දක්වන කෙනෙක්. ඉතින් එයා වගේ කෙනෙක් ලැබීම ගැන සතුටුයි.
 අවුරුදු පහක් මම දැන් ඇමෙරිකාවේ ජීවත් වෙන්න වෙලා. රසික ආදරයම තමා මේ ජීවත් වීමටත් එක්තරා විදියට ශක්තියක් වෙන්නේ. ඒ නිසා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මම කොහේ හිටියත් ආදරෙයි.’

සංවාද සටහන -අනුෂා රණසිංහ

324233107 479326407716334 4515357147018126464 n
gayeshaazz 5
328867274 870132067374393 4229506950943502233 n
RaWmqjs
gayesha perera a4262514 44a8 4d2d bd6c 2841113f09a resize 750
329397718 658613446019115 5196178643563992450 n
335925867 6074271385962519 4225252430904831572 n
Gayesha Perera 2 4
329793606 725602615844720 8897146413691146446 n
651
hqdefault
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top