ගජ මෑන් හොර කොපි ළඟ තබාගත් 12 දෙනෙකු පොලිසිය ප්‍රශ්න කළා

gajaman

මේ දිනවල තිරගතවන ගජ මෑන් 3 D චිත්‍රපටයේ ඩිජිටල් කොපි අන්තර්ජාලයට මුදාහැරීම හා ළඟ තබාගැනීම හා සම්බන්ධ 12 දෙනෙකු පමණ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට අත්අඩංගුවට ගෙන හෝ ප්‍රශ්න කිරීමට ලක්කර තිබෙන බව එම චිත්‍රපටයෙහි පිටපත් රචක හා ගජමෑන්ගේ චරිතයට පණපොවන ප්‍රකට හඬකැවීම් හා ප්‍රහසන ශිල්පී ගාමින්ද ප්‍රියවිරාජ් මහතා දන්වා සිටියි.

ගුවන් විදුලි නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඔහු ඒ ගැන කියා සිටියේ මෙසේය.
‘අපි 2010 සිට මේ කතාව හදන්න පටන්ගත්තෙ. මේක අවස්ථා ගාණකදි සංස්කරණය කරමින් මහන්සියෙන් කරපු දෙයක්. මේක ලීක් කරපු අය අනෙක් අයගේ වටිනා දෙයක් කඩාකප්පල් කරලා කාලකණ්ණි සතුටක් ලබනව මිසක් කිසිම වාසියක් ගන්න කරපු බවක් පේන්න නැහැ.

ඕක බලන්නෙත් රුපියල් 500 ක් දීලා ෆිල්ම් එකක් බලන්න බැරි හිඟන්නො. මේ 3D ඇනිමේෂන් ෆිල්ම් එකක්..සිනමා ශාලාවකට ගිහින් මිසක් ඒක හරියට විඳගන්න බැහැ. අපි අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් කරල තියනවා මේ ගැන. ප්‍රශ්න කිරීම් හා අත්අඩංගුවට ගැනීම් 12ක් පමණ මේ වනවිට කර තියෙනවා. කුඩා දරුවො තමා මේක කරන්නෙ.ඒක කරන අයට අතන්ට යන්න වෙයි. දඩ ගෙවන්නත් වෙයි. ඒ වගේම මේවා ප්‍රචාරය කරපු ෆේස් බුක්පේජ් චැනල් වලටත් ඒවා නැතිවෙයි ඉස්සරහට.‘

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top