ගුවන් යානය කඩා වැටෙන්න මොහොතකට පෙර මගියෙකු විසින් මරනයට පෙර ගත් Video…

flight crash

නේපාලයේ Pokhara ගුවන්තොටුපොළ ආසන්නයේදී කඩාවැටුණු ගුවන් යානයේ අවසන් මොහොත දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ වීඩියෝව යානය තුළ සිටි ගුවන් මගියෙකු විසින් පටිගත කර ඇත.

මේ අතර අනතුරට ලක්වූ යානාවේ සිටි සියලුම දෙනා මියගොස් ඇති බව නේපාලය තහවුරු කර තිබේ.

එසේම කඩා වැටුණු ගුවන් යානයේ කළු පෙට්ටිය සොයාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තා කර ඇත.

කත්මණ්ඩු අගනුවර සිට පෝක්හරා ගුවන්තොටුපොළ වෙත පියාසර කරමින් පැවති යානාව අනතුරට පත්වන අවස්ථාවේ දී ඒ තුළ මගීන් සහ කාර්ය මණ්ඩලයේ 72දෙනෙකු සිට තිබුණි.

වසර 30කින් පසු එරට සිදුවූ දරුණුතම ගුවන් අනතුර වෙනුවෙන් දිනයක ශෝක කාලයක් නම් කිරීමට නේපාල රජය කටයුතු කළේය.

එමෙන්ම අනතුර සම්බන්ධ විමර්ශනය කිරීමට රජයේ විශේෂ කමිටුවක්ද පත් කර තිබේ.

එම වීඩියෝව විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top