පොලිස් වෙස්ගත් තරුණයෝ පොලීසියටම මාට්ටු

fake police

නිට්ටඹුව පොලිස් වසමේ මාඉඹුල ප්‍රදේශයේ දී අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි නිට්ටඹුව පොලිස් ස්ථානයේ නිලධාරීන් සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කර තිබේ.

එහිදී මෝටර් රථය තුළ සිටි පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් ක්‍රීඩා ඇඳුමින් සිට ඇත.

ඔවුන් පොලිස් නිලධාරින් නොවන බවට දැනුවත් වීමෙන් පසු මෝටර් රථය හා සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබී අත්විලංගු යුවළක් හා ව්‍යාජ අංක තහඩු 3ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25, 26, 27 හා 42 යන වයස්වල පසුවන නිට්ටඹුව, මුල්ලේරියාව, ගිංතොට හා එල්ලක්කල ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සැකකරුවන් අද (09) අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකරුවන් යම් අපරාධයක් සඳහා ගමන් කරමින් සිටියේ ද යන්න පිළිබඳ මේ වනවිට විමර්ශන සිදුකරයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top